පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්ගේ නිවසේ නාන කාමරයේ ඉන්ධන තොගයක්

93

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල නිවසේ නාන කාමරයක හා තවත් ස්ථානයක නීති විරෝධී ලෙස ගබඩා කොට තිබූ ඉන්ධන ලීටර් 235 ක් පොලිසිය විසින් 31 දා රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්ගේ නිවසේ නාන කාමරයේ ඉන්ධන තොගයක්

පුදුකුඩිඉරිප්පු පොලිසියට මහජනතාව විසින් ලබාදුන් ඔත්තුවක් මත එම නිල නිවස පරීක්ෂා කිරීමේදී එහි නාන කාමරයක් තුළ

සගවා තිබූ ඩීසල් ලීටර් 120 ක්, පෙට්‍රල් ලීටර් 110 ක් හා භුමිතෙල් ලීටර් 5 ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම ඉන්ධන තොගය නිල නිවසේ සේවය කරන සේවකයකුගේ බව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා පොලිසියට ප්‍රකාශ කොට ඇතත් එම නිල නිවසේ සිට ඇත්තේ සේවිකාවක් පමණක් බව පොලිසිය සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව මුලතිව් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment