පුදුමාතලන් වෙරළෙන් ට‍්‍රැක්ටරයක් උඩ එයි

609

මුලතිව් පුදුමාතලන් ප‍්‍රදේශයේ මුහුදු වෙරළේ වළ දමා තිබූ ට‍්‍රැක්ටර් රථයක් එම මුහුදු වෙරළේ වෙරළ ඛාදනයත් සමග පොළවෙන් උඩට මතුවී තිබේ.

මේ දිනවල මුලතිව් දිස්ති‍්‍රක්කය අවට මුහුදු තීරයේ රළ මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් එම වෙරළේ ඛාදනයත් සමග වළ දමා තිබූ එම ට‍්‍රැක්ටර් රථයේ කොටස් ධීවරයන්ට දිස්වී තිබේ. ඉකුත් යුද සමයේ මේවා මෙසේ දමා යන්නට ඇති බවට සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය ඉදිරි නීතිමය කටයුතු සිදු කරයි.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්
 

advertistmentadvertistment
advertistmentadvertistment