පුදුම රටක් පිස්සු හැදෙන කතාවක් – දිනකට ටොන් 940 ක් නිපදවා රටට අහිමි වූ බියගම යූරියා කම්හල

3943

එවකට ලංකාවේ තිබූ විශාලම ආයෝජනය මෙන්ම විශාලම රසායනික යන්ත්‍රාගාරයද මෙය බව සඳහන් වේ. එවකට මෙම කර්මාන්තය පිළිබඳ කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක්වූ කෙලොග් ඕවසීස් කෝපරේෂන් නම් වූ සුදු ජාතික සමාගම, යන්ත්‍රාගාර ඉදිකිරීම් සිදුකර යූරියා නිෂ්පාදනය ආරම්භ කළ අතර, ඉන්දියාවේ මදුරාසි පොහොර සමාගම විසින් ඇසුරුම් හා මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී. දිනකට යූරියා මෙටි්‍රක් ටොන් 940 ක් නිපදවීමේ හැකියාව තිබූ මෙම සුවිසල් යන්ත්‍රාගාරය, මළ නොබැඳෙන සුදු යකඩ ලෝහයෙන් නිමවූ ලොකු කුඩා බට සංකීර්ණයකින් හා රසායනික ප්‍රතික්‍රියාව සිදුවූ සද්ධන්ත කුටීරයකින්ද :(Reactor) දියර යූරියා කැට බවට පත් කරන අහස උසට නැගි යෝධ කොන්ක්‍රීට් කුලුනකින්ද (Prilling Tower) යූරියා කැට කල්තබා ගත හැකි ටොන් විසිදහසක යෝධ කොන්ක්‍රීට් ගබඩාවකින්ද (Silo) බෑග් කළ යූරියා තැබිය හැකි ටොන් දසදහසක ගබඩා සංකීර්ණයකින්ද :(Bag Storage) අංග සම්පූර්ණ ගිනි හා ආරක්‍ෂක පද්ධතියකින්ද (Fire & Safety) සහ වැඩහල් (Work Shop) ආයුධ ගබඩාව, රසායනාගාර, වෛi මධ්‍යස්ථාන, පරිපාලන ගොඩනැඟිලි ආදියෙන් සමන්විත විය.
හැටේ හැත්තෑවේ දශකවල පැවැති රජයන්හි සිටි, රටට ආදරය කළ නායක නායිකාවන්, විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, විසින් රටට අවශ්‍යම කර්මාන්ත බොහෝමයක් ආරම්භ කරවන ලදී. හැකි සෑම දෙයක්ම ශ්‍රී ලංකාවේ නිපදවා ගැනීම එදා සිටි දුරදක්නා නුවණින් යුත් දේශප්‍රේමි ඔවුන්ගේ අභිප්‍රාය විය. ඔවුන්ගේ යහපත් විදේශ ප්‍රතිපත්තිය හේතුකොටගෙන දියුණු රටවල් කිහිපයක්ම ඔවුන් සතු විවිධ කර්මාන්ත ශ්‍රී ලංකාවටද ලබාදීමට ඉදිරිපත්වූවා පමණක් නොව අදාළ තාක්‍ෂණික දැනුමෙන් හා පුහුණුවෙන් අපව සන්නද්ධ කිරීමටද කටයුතු කළහ.

පුදුම රටක් පිස්සු හැදෙන කතාවක් - දිනකට ටොන් 940 ක් නිපදවා රටට අහිමි වූ බියගම යූරියා කම්හල

ඒ අනුව වානේ, ලෝහ භාණ්ඩ, පිඟන් භාණ්ඩ, ටයර්, නයිලෝන්, රෙදිපිළි, කඩදාසි, සීනි, සහල් සැකසුම්, ඛනිජ සම්පත්, පොහොර සහ තවත් බොහෝ කර්මාන්ත ලංකාවේම ආරම්භ කරන ලදී. රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් අරඹන ලද වගා සංග්‍රාමයට අවශ්‍යම සාධකයන් වූ පොහොර ලංකාවේදීම නිපදවීම ආරම්භ කළහ. පොහොරවල අඩංගු විය යුතු ප්‍රධාන සංඝටකය වන නයිට්‍රජන් (N) බහුලව ලබාගත්තේ යූරියා වලින් බැවින් යූරියා නිපදවීමේ කම්හලක අවශ්‍යතාවය මතුවිය. ඒ අනුව කැලණියේ සුන්දර සපුගස්කන්ද ප්‍රදේශයේ අක්කර සියයක පමණ රජය සතු ඉඩමක රජයේ පොහොර නිපදවීමේ සංස්ථාව නමින් නෙදර්ලන්ත තාක්‍ෂණයෙන් යුත් සුවිසල් යන්ත්‍රාගාරයක්, කර්මාන්ත හා විiා කටයුතු අමාත්‍යාංශය යටතේ ආරම්භ විය.

ප්‍රධාන අමුද්‍රව්‍ය වන හයිඩ්‍රොකාබන් ලබාගත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථා පිරිපහදුවේ අතුරු පෙට්‍රෝලියම් නිෂ්පාදනයක් වන නැප්තා (Naptha) වලින් බැවිනුත්, විශාල වශයෙන් ජලය උපයෝගී වන යන්ත්‍රාගාරයක් (Weter Treatment Plant) බැවිනුත්, සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවත්, කැලණි ගඟත් ආසන්නයේ භූමියක මෙය ඉදිවිය. අනෙක් ප්‍රධාන අමුද්‍රව්‍ය වන ඇමෝනියා සඳහා අවශ්‍ය නයිට්‍රජන් ලබාගත්තේ අවට ඇති වායුගෝලීය වාතයෙනි.

මහවැලි කඩිනම් ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර, එවකට ලංකාවේ තිබූ විශාලම ආයෝජනය මෙන්ම විශාලම රසායනික යන්ත්‍රාගාරයද මෙය බව සඳහන් වේ. එවකට ලංකාවේ තිබූ විශාලම ආයෝජනය මෙන්ම විශාලම රසායනික යන්ත්‍රාගාරයද මෙය බව සඳහන් වේ. එවකට මෙම කර්මාන්තය පිළිබඳ කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක්වූ කෙලොග් ඕවසීස් කෝපරේෂන් නම් වූ සුදු ජාතික සමාගම, යන්ත්‍රාගාර ඉදිකිරීම් සිදුකර යූරියා නිෂ්පාදනය ආරම්භ කළ අතර, ඉන්දියාවේ මදුරාසි පොහොර සමාගම විසින් ඇසුරුම් හා මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී. දිනකට යූරියා මෙටි්‍රක් ටොන් 940 ක් නිපදවීමේ හැකියාව තිබූ මෙම සුවිසල් යන්ත්‍රාගාරය, මළ නොබැඳෙන සුදු යකඩ ලෝහයෙන් නිමවූ ලොකු කුඩා බට සංකීර්ණයකින් හා රසායනික ප්‍රතික්‍රියාව සිදුවූ සද්ධන්ත කුටීරයකින්ද :(Reactor) දියර යූරියා කැට බවට පත් කරන අහස උසට නැගි යෝධ කොන්ක්‍රීට් කුලුනකින්ද (Prilling Tower) යූරියා කැට කල්තබා ගත හැකි ටොන් විසිදහසක යෝධ කොන්ක්‍රීට් ගබඩාවකින්ද (Silo) බෑග් කළ යූරියා තැබිය හැකි ටොන් දසදහසක ගබඩා සංකීර්ණයකින්ද :(Bag Storage) අංග සම්පූර්ණ ගිනි හා ආරක්‍ෂක පද්ධතියකින්ද (Fire & Safety) සහ වැඩහල් (Work Shop) ආයුධ ගබඩාව, රසායනාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, පරිපාලන ගොඩනැඟිලි ආදියෙන් සමන්විත විය.. ඉහත සඳහන් සද්ධන්ත කුටීරය, කොළඹ වරායේ සිට සියලුම මාර්ග වසාදමා රෝද සිය ගණනක විශේෂ කැරියර් රථයකින් සපුගස්කන්දට ගෙන ආ බව කියනු ලබන අතර, පෙර කී යෝධ කුලුන, නටඹුන් ලෙස කොළඹ කැලණි පාලමේ සිට ඈතින් අද ද දැකිය හැක.

ඉහත යෝධ කුලුන තුළ නිපදවන යූරියා කැට, ගමන් කරන විශාල පටි (Convey Belt) ඔස්සේ ඇසුරුම් යන්ත්‍රාගාරයටද අතිරික්තය පෙර කී කොන්ක්‍රීට් ගබඩාවටද (Silo) යවනු ලැබීය. ඇසුරුම් යන්ත්‍රාගාරයේදී ස්වයංක්‍රීයව කිලෝ 50 වශයෙන් බෑග් කෙරෙන මෙම යූරියා පැය විසිහතර පුරාම ලොරි රථ වලින් බෙදාහරින ලදී. යන්ත්‍රාගාරය ක්‍රියාත්මකවීමේදී දිනකට ජලය ගැලුම් ලක්‍ෂ අටක් පමණ අවශ්‍ය වූ බැවින් ඊට නුදුරු පට්ටිවල ප්‍රදේශයේ කැලණි ගඟ මැද විශාල ජල පොම්පාගාරයක් ඉදිවිය. ඉදිකිරීම් හා සම්බන්ධ වූ දේශීය හා විදේශීය ඉංජිනේරුවන්ගේ නේවාසික නිවාස සංකීර්ණය, ඒ ආසන්නයේ පිහිටි බටලන්ද නම් වූ රජය සතු අක්කර පනහක පමණ සුන්දර පොල් ඉඩමක ඉදිවිය. එම සුදු ජාතිකයන් වෙනුවෙන් නාන තටාක, සුපිරි වෙළෙඳසල් පවා එහි ඉදිවූ අතර එකල මෙය පුංචි එංගලන්තය නමින්ද හැඳින්විය. යන්ත්‍රාගාරයේ නිෂ්පාදන ආරම්භ වීමත් සමඟම ක්‍රමයෙන් ඔවුන් ලංකාවෙන් පිටවී ගිය අතර, පසු කලෙක එම ප්‍රදේශයේ දේශපාලන බලවතුන් හා ආරක්‍ෂක අංශ විසින් මෙය අත්පත් කර ගැනීම නිසා 88, 89 භීෂණ සමයේදී මෙම සුන්දර බටලන්ද ඉමහත් අපකීර්තියට පත්විය.

1978 වර්ෂයේ සිට විද්‍යා විෂයයන් හදාරා තාක්‍ෂණ දැනුමෙන් පරිපූර්ණ දක්‍ෂ තරුණයන්, යන්ත්‍රාගාර ක්‍රියාකරවුම් තාක්‍ෂණික ශිල්පීන් ලෙස බඳවාගත් අතර, ඔවුන්ව ඔස්ටේ්‍රලියාව, නෙදර්ලන්තය සහ ඉන්දියාව වැනි රටවලට යවා අදාළ යන්ත්‍රාගාර පුහුණුව ලබාදීමෙන් අනතුරුව 1981 දී නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලදී. එවකට මෙම ප්‍රදේශයට මගී ප්‍රවාහන පහසුකම් නොතිබූ බැවින්, සෑම සේවා මුරයක් සඳහාම කොළඹ කොටුවේ සහ තවත් අවට ප්‍රදේශවල සිට කාර්යමණ්ඩල ප්‍රවාහනය වෙනුවෙන් සංස්ථාව සතු විශාල මගී බස් රථ 05 ක් යොදවන ලදී. එදා සිටි අතිදක්‍ෂ යන්ත්‍රාගාර කළමනාකරුවන් (Plant Managers) සහ සමහර ක්‍රියාකරවුම් ශිල්පීන් (Plant Operators) අදවන විට ජීවතුන් අතර නැත.

මෙම යූරියා ප්‍රවාහනය සඳහා ඉන්දියාවේ සිට ටාටා ලොරි චැසි 52 ක් ගෙන්වා, පානදුරේ සී/ස හැරිසන් ලොරි බොඩි සමාගමෙන් බොඩි සාදවා රැගෙන විත් තැන තැන දිරන්නට හැර පසුව විකුණා දැමූ අතර, වැඩි වශයෙන් ප්‍රවාහනය කළේ සී/ස ජයගිරි පුද්ගලික සමාගමේ ලොරි රථ වලිනි. මෙම යූරියා ප්‍රවාහනය සඳහාම ප්‍රධාන දුම්රිය මාර්ගයේ කැලණියේ සිට සපුගස්කන්ද දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිවූවද, යන්ත්‍රාගාරය පෙනි පෙනී එයද නතර විය. අපේ යූරියා පොහොර මිලදී රැගෙන යෑමට ලංකා පොහොර සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, බවර් සහ සමාගම ඇතුළු තවත් ආයතනවල ලොරි රථද දිවා රෑ නොබලා සපුගස්කන්දට පැමිණියහ.

1982 පමණ වන විට ලංකාවේ යූරියා පොහොර සුලබ වූ අතර යූරියා මෙටි්‍රක් ටොන් පනස්දහසක් (50,000) සැපයීම සඳහා බුරුම රටෙන් ඇණවුමක් ලැබෙන්නේ මේ අතරවාරයේදීය. යන්ත්‍රාගාර ඉංජිනේරුවන්, ක්‍රියාකරවුම් ශිල්පීන් සහ කම්කරුවන් සියලු දෙනා එකාමෙන් කැපවීමෙන් විසිහතර පැයේම වැඩ කළ අතර, දින 30 කින් සපයා අවසන් කිරීමට තිබූ මෙම ඇණවුම දින කිහිපයක් ඉතිරිව තිබියදී අවසන් කිරීම හේතුවෙන් අදාළ නැව් සමාගම අප සංස්ථාවට ප්‍රසාද දීමනාවක්ද ප්‍රදානය කරන ලදී. සාමාන්‍යයෙන් රාජ්‍ය සංස්ථාවක් යනු මෙසේ කාර්යක්‍ෂමව කටයුතු සිදු නොවන ස්ථානයක් වුවද අප පොහොර නිපදවීමේ සංස්ථාවේ නම් එසේ සිදුවිය. එම බෝනස් මුදල බෙදී ගොස් එම මස අපගේ වැටුපට අමතර මුදලක්ද එකතු වී තිබුණි.

යන්ත්‍රාගාරය මාස කිහිපයක් සක්‍රීයව පැවතියහොත්, නඩත්තු කටයුතු සඳහා තවත් මාස කීපයක් නවතා තැබිය යුතුයි. (Shutdown Period) මෙම කාලය තුළ ක්‍රියාකාරවුම් ශිල්පීන්ට විවේකයක් ලැබුණ අතර, ඔවුන්ව, ගිනි නිවීමේ (Fire Fighting) පුහුණු පාඨමාලා වැනි අතිරේක ක්‍රියාකාරකම් වල යෙදවීය. තවද උතුරු නැගෙනහිර වෙහෙර විහාර එළිපෙහෙළි කිරීමේ ශ්‍රමදාන සඳහා නිල නොවන සංචාර සංවිධානය වූ අතර ඒ සඳහා සංස්ථා බස් රථද ලැබිණි. 1977 න් පසු පත්වූ රජයේ සමහර වෙළෙඳ පොළ ප්‍රතිපත්ති හේතුවෙන්, පිටරට වලින් සෑම දෙයක්ම ලංකාවට ගලා ඒමට පටන් ගත් නිසා, දේශීය කර්මාන්ත එකින් එක බිඳ වැටීම ආරම්භ වූ අතර, එවකට කර්මාන්ත ඇමැතිව සිටි සිරිල් මැතිව් මහතා මෙම යූරියා කම්හල රැකගැනීමට ගත් උත්සාහය අගය කළ යුතුය. එනමුදු රටේ අවාසනාවට මෙන්ම ඉන් පසුව පත්වූ දේශපාලනඥයන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් රට ගැන නොසිතා නිද්‍රාශීලීව කටයුතු කළ නිසා රජයේ පොහොර නිපදවීමේ සංස්ථාවටද කණකොකා හැඬීමට පටන් ගත්තේය.

අප යන්ත්‍රාගාරයේ ක්‍රියාත්මක වූ රසායනික ක්‍රියාවලිය තරමක් වියදම් වැඩි හා සංකීර්ණ එකක් වූවද, නිපදවූ යූරියා, බයියුරේට් (Biuret) වැනි පැලෑටි වලට විෂ සහිත අතුරු රසායනික ඵලවලින් තොර ප්‍රමිතියෙන් ඉහළ යූරියා පොහොර විය. මේ අතර වියදම් අඩු ජීව වායු ක්‍රියාවලියෙන් (Bio gas process) නිපදවූ එහෙත් බාල ප්‍රමිතියෙන් යුත් යූරියා අඩු මිලට ලෝක වෙළෙඳ පොළට පැමිණි අතර, ආනයනය කිරීමේදී කොමිස් ප්‍රතිලාභත් ලැබෙන නිසා, විවෘත ආර්ථිකයේ වාසියෙන් බොහෝ ආයතන පිටරටින් යූරියා ආනයනය කිරීමට පටන් ගත්හ. පිටරට යූරියා අඩු මුදලට තිබියදී, වැඩි වියදමක් දරා ලංකාවේදී යූරියා නිපදවන්නේ මන්දැයි විමසූ ඔවුන්, වෙස්වලාගත් ආශිර්වාදයක් බඳු මිල කළ නොහැකි මෙම කම්හල සුදු අලියෙක් යැයි නිගා කළා පමණක් නොව, වසා දැමීමට කටයුතු කළහ. අදූරදර්ශී නායකයෝද මෙය අනුමත කළහ. ඒ අනුව 1985 දී රජයේ පොහොර නිපදවීමේ සංස්ථාව, ඈවර කර වසා දමා සේවකයන්ට සොච්චම් වන්දි මුදලක් ලබාදී යන්ත්‍රාගාරය අඩු මුදලකට මැද පෙරදිග රටකට විකුණා දැමූ අතර, ඉතිරි ගොඩනැඟිලි සහ භූමිය පුද්ගලික ව්‍යාපාරිකයන්ට ලබාදෙන ලදී.

වැඩිකල් නොගොස් ලෝක වෙළෙඳපොළේ ජීව වායු යූරියා වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස්, ලංකාවේ නිපදවූ යූරියාවල මිලටත් එහා ගිය අතර, කාට කාටත් ඇස් ඇරෙන විට සියල්ල සිදුවී හමාරය.

ගාමිණි ලියනගේ
යන්ත්‍රාගාර ක්‍රියාකාරවුම් ශිල්පී
වැසී ගිය රජයේ පොහොර නිපදවීමේ සංස්ථාව

advertistmentadvertistment
advertistmentadvertistment