පුනර්ජනනීය බලශක්තිය නංවන්න අමාත්‍ය කමිටුවක්

202

වර්ෂ 2030 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් සියයට 70ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කර ගැනීම සඳහා වන ඉලක්කයන් සපුරාගැනිමට කඩිනම් පියවර ගැනීම පිණිස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට අමාත්‍යවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය වී තිබේ.

මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර , බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල , තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ , අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහත්වරු පත්කර ඇත.

මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපතිවරයා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

මෙම අනුකමිටුව මඟින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් සෑම මාස 02කට වරක් අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කල යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment