පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ණය පහසුකම් ලබාදෙනවා

116

ඇමරිකානු තානාපති ජනපති ගෝඨාභය රාජපක්‍ෂට කියයි

 පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඇය මේ බව සඳහන් කළාය.

 ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඞ් මහත්මිය ශ‍්‍රී ලංකාවේ කළ සංචාරයේ දී රජය දැක්වූ සහාය තානාපතිනියගේ ප‍්‍රසාදයට ලක් විය.

 පසුගිය කාලයේ දී මෙරට ආර්ථිකයේ බිඳ වැටීමට හේතු වූ කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට රජය ගත් තීරණය පැසසුමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය එය මෙරටට දිගුකාලීනව ඉතා වැදගත් බව පෙන්වා දුන්නාය.

 කුමන ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදු කළ ද අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් කෙලී සහ දේශපාලන හා ආර්ථික උපදේශක සුසෑන් වෝක් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment