පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන දැඩි තීරණයක්

750


පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර ලබාදී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘති බලපත්‍ර අහෝසි කිරීමට විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදී ඇත.

ඒ 2023-/2026 සහ 2026-/2030 වර්ෂ සඳහා වන පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබඳ පැවැති සමාලෝචන රැස්වීමේදීය.

තවද ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදුකර නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කරන ලෙසද විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ දීමනා කඩිනමින් ගෙවා නිමකරන සැලසුම නව විදුලිය මිලදී ගැනීමේ මිල සූත්‍රය ඉදිරි මාස 18 තුළ විදුලිබල උත්පාදන සැලසුම මෙන්ම තාවකාලික බලපත්‍ර ලබාදී ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment