පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 58 ක් නතරවීමෙන් මෙගාවොට් 129.75 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වෙයි

527

නවතම විගණන වාර්තාවකින් හෙළිවෙයි

බලශක්ති බලපත‍්‍ර නිකුත් කළද විවිධ හේතූන් නිසා නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 58 ක ඉදිකිරීම් කටයුතු නතර වී ඇති බැව් ජාතික

විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මේ තත්ත්වය නිසා මෙකී ව්‍යාපෘති 58 මගින් සැපයෙන මෙගාවොට් 129.75 ක විදුලි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නොහැකි වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. බලශක්ති බලපත‍්‍රය ලබාදෙන අවස්ථාව වන විට මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, හා වනජීවී දෙපාර්තමේන්තුව යන ආයතනවලින් ලබාගෙන ඇති අනුමත කාලය ඉකුත්වීම නිසා නැවත අනුමැතිය දීර්ඝ

කරගැනීමට ව්‍යාපෘති සංවර්ධනකරුට සිදුවේ. එහිදී අදාළ ආයතන මගින් අනුමැතිය ලබාදීම දීර්ඝ කිරීම ප‍්‍රතික්ෂේප කිරීම හා ප‍්‍රමාද කිරීම නිසා ඉදිකිරීම් කටයුතු ආරම්භ නොකළ මෙගාවොට් 23 ධාරි තාවයක් සහිත ව්‍යාපෘති සංඛ්‍යාව 13 කි. ඉඩම් අත්පත් කරගැනීමේ ප‍්‍රමාදයන් හේතුවෙන් මෙගාවොට් 13 ක ධාරිතාවයක් සහිත ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් කටයුතු නතර වී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment