පුනර්ජනනීය විදුලි ඉලක්ක දිනන්න අක්කර 20000 ත් ඕනෑ… ලංවිම ඉංජිනේරු සංගමය

275

පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීමේ රජයේ ඉලක්කයට යෑමට නම් එම ව්‍යාපෘති සඳහා ඉඩම්
අක්කර විසිදහසක් අවශ්‍ය යැයි ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

දැනට සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මෙගාවොට් 100ක විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අක්කර
පන්සියය 2016 වසරේ සිට සොයමින් සිටින බව ද ඒ මහතා පැවසීය. පුනර්ජනනීය බලශක්ති සඳහා යොමුවිය යුතු වුවත්
දැනට යෝජිත සියයට 70 ඉලක්කයට යා නොහැකි බව ද ඒ මහතා කීය. එවැනි ව්‍යාපෘතිය මගින් එක මෙගාවොට් එකක්
නිපදවීමට ඉඩම් අක්කරයක් අවශ්‍ය වන බව ද ඒ මහතා කියා සිටියි. එනිසා එල්.එන්.ජී. සහ ගල්අ`ගුරු විදුලි ව්‍යාපෘති
වහා ආරම්භ කොට 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය සියයට පනහක මට්ටමට ගෙන ඒමට උත්සාහ ගතයුතු බව
ද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment