පුනරින් සාම්පූර් නයනතිව් ඉන්දියාවට දෙනවාද?

331

ඉන්දියාවෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක ණය ලබාගැනීම සඳහා ආණ්ඩුව පුනරීන්, සාම්පූර් සහ නයනතිව් දූපත් තුන ඉන්දියාවට ලබාදීමට කටයුතු කළාද යන්න වහාම රටට හෙළි කළ යුතු යැයි තෙල්, විදුලි, වරාය ඒකාබද්ධ සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක රංජන් ජයලාල් මහතා කියයි.

සුනිත්‍ය බලය සියයට 70කින් වැඩි කර ගැනීමට කටයුතු කරන බව රජය ප‍්‍රකාශ කර තිබුණත් ඇත්තටම සිදුවන්නට යන්නේ දූපත් තුන ඉන්දියාවට ලබාදී එහි නිපදවන සුළං සහ සූර්ය විදුලිය මෙරටට මිලදී ගැනීම යැයිද ඔහු කීය. එම නිසා ණය ලබාගැනීමට එකඟ වූ කරුණු වහාම රටට හෙළි කළ යුතු බවද ඔහු කීවේය. මේ වනවිට සිපෙට්කෝ ආයතනයට හෝ රජයට ඉන්ධන ගෙනඒමට මුදල් ලබාදීමේ හැකියාවක් නැතැයිද ඉදිරි දිනවල මෙරටට පැමිණෙන ඉන්ධන නැව් ඉන්දියන් ඔයිල් සමාගම හරහා ලැබීම තුළින් ඉන්ධන ඒකාධිකාරිය ඉන්දියන් ඔයිල් සමාගමට හිමිවන බවද ඔහු පැවසීය. සුනිත්‍ය බලයෙන් විදුලිය සපයා ගැනීමට ආර්ථිකමය හැකියාවක් ශ‍්‍රී ලංකාවට නොමැති නිසා එය ඉන්දියාවට ලබාදී විදුලිය නිපදවීම, බෙදා හැරීම, ගබඩා කිරීම ඉන්දියාවටම භාර දීමට කටයුතු කරන්නේද යන්න සැක සහිත බවද ඔහු කීවේය. රජය මේ ආකාරයෙන් ජාතික සම්පත් විදෙස් රටවලට ලබාදීමට කටයුතු කරනු ලැබුවහොත් ඊට එරෙහිව වෘත්තීය අරගලයක් කිරීමට කටයුතු කරන බවද රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment