පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනි නම් සංශෝධනයට සූදානම්

89

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

රජය විසින් පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් සම්බන්ධ වැඩිදුර විභාගය හෙට (05දා) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) නියෝග කළේය.

එම පනත් කෙටුම්පත සම්බන්ධ විභාගය ගාමිණී අමරසේකර, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ ආරම්භ කෙරිණි.

එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන පනත් කෙටුම්පතක් නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට හැඟීයන යම් වගන්තියක් වේ නම් ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධනයට ලක් කරන්නට රජය සූදානම් බවත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය පෙන්වා දුන්නාය.

යමෙකු පුනරුත්ථාපනයට යොමු කෙරෙනුයේ සම්පූර්ණයෙන්ම මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදෙන පුනරුත්ථාපනයට ලක් කෙරෙන පුද්ගලයාගේ පූර්ණ කැමැත්ත මත පමණක් වන්නේ යැයි ද ඇය අධිකරණයට පෙන්වා දුන්නාය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment