පුපුරණ ද්‍රව්‍ය බලපත් ගාස්තු වැඩි කරයි

100

පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලබාදෙන බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.ඒ අනුව ගල් වෙඩි බෙහෙත් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 2,000ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 4,000 දක්වා ඉහළ නංවා තිබේ.ආරක්ෂිත සේවා නූල් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 4,000ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000 දක්වා ඉහළ නංවා ඇති අතර ගල් වෙඩි බෙහෙත් සහ ආරක්ෂිත සේවා නූල් යන දෙවර්ගයම නිෂ්පාදනය සඳහා වන බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000 සිට 10,000 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ.ඊට අමතරව පුපුරණ ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුව ද පුපුරණ ද්‍රව්‍ය සපයන්නන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුව ද ඉහළ නංවා තිබේ.පුපුරණ ද්‍රව්‍ය අත්කර ගැනීම සන්තකයේ තබා ගැනීම සහ පාවිච්චි කිරීම සඳහා වන අවසර පත්‍ර ගාස්තුව ද රුපියල් 2,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment