පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් කිළිනොච්චියෙන් මතුවෙයි

135

කිළිනොච්චියේ කනකම්බිකුලම් ප්‍රදේශයේ ඉඩමකින් බෝම්බ ඇතුලු පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් ඉකුත් 19 දා සොයා ගෙන තිබේ.

පෞද්ගලික ඉඩමක අයිතිකරුවකු සිය ඉඩම ශුද්ධ පවිත්‍ර කිරීමට ගිය අවස්ථාවේදී සැක සහිත යමක් පොළොවෙන් මතු වී තිබෙනු දැක ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

පසුව කිළිනොච්චිය අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව පොලිසිය හා ආරක්ෂක අංශ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන එම ස්ථානයේ කැණීම් සිදු කිරීමෙන් පසුව බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගෙන තිබේ.

යුද සමයේදී කොටි සාමාජිකයන් විසින් මෙම ද්‍රව්‍ය මෙම ස්ථානයේ වළ දමන්නට ඇතයි සැක කරන කිළිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment