පුරවැසියන්ගෙන් 70%ක් විධායක ජනපති ක්‍රමයට කැමති නැහැ

87

වෙරිටේ රිසර්ච් විසින් 2022 ජූනි මාසයේ සිදුකර තිබෙන ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුව ඇති බව පවසා ඇත.

විධායක ජනපති ක්‍රමය එලෙසම පවත්වාගෙන යා යුතු බව පවසා තිබෙන්නේ 15%ක පිරිසකි.සියලුම ජාතීන් ඇතුළත් වන පරිදි රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව තහවුරු වන ආකාරයට තෝරාගත් වැඩිහිටි පුරවැසියන් 1052ක් ඇසුරින් වෙරිටේ රිසර්චච්ව විසින් මෙම ජනමත විමසුම සිදුකර තිබේ.

තවත් 15%ක පිරිසක් විධායක ජනපති ක්‍රමය අහෝසි නොකර සංශෝධිත බලයන් යටතේ පවත්වාගත යුතුව තිබෙන බව සහ පොදුවේ මෙම විෂය සම්බන්ධයෙන් අදහස් දැක්වීම පතික්ෂේප කර තිබෙන කාණ්ඩය නියෝජනය කරයි. මෙම ජනමත විමසුමට ලැබී තිබෙන ප්‍රතිචාර සැළකිල්ලට ගත්විට විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව සියලුම වයස් කාණ්ඩයන් පොදුවේ එකම අදහසක සිටින බවත් පෙනී යයි. දිස්ත්‍රික් මට්ටමින් ගත් විටද, උතුර හෝ දකුණ යැයි මෙම මතයේ වැඩි වෙනසක් හඳුනාගන්නට නොමැති අතර, 80%ට වඩා වැඩි පිරිසක් විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්නට පක්ෂව අදහස් දක්වා ඇත.

ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment