පුරවැසියන්ට ඇති කෝපය සාධාරණයි – අනුර කුමාර

352

මේ ආණ්ඩුව පත්කර ගත්තේ ජනතාව නම් තමන් පත්කර ගත් ආණ්ඩුව එම ජනතාවට එරෙහිව කටයුතු කරනවා නම් ඊට එරෙහිව නැගී සිටීමේ යුක්තිසහගත අයිතියක් ජනතාවට තිබෙනවා. එම ජනතාව පිළිබඳව

වගකීම එම ආණ්ඩුව භාරගන්නේ නැත්නම්, ඊට විරුද්ධව නැගී සිටීමට ජනතාවට යුක්තිසහගත අයිතියක් තිබෙනවා. අපි ඒ අයිතිය ආරක්ෂා කරනවා. ඒ වගේම පක්ෂයක් හැටියට අපි අපේ පැත්තෙන් විය හැකි සෑම දායකත්වයක්ම ලබාදෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01 දා) සඳහන් කළේය.

දිසානායක මහතා ඊයේ (01 වැනිදා) එම අදහස් පළකළේ පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ පෙරේදා (31 දා) රාත‍්‍රියේ විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා. ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා පැවැත්වූ උද්ඝෝෂණය අන්තවාදී කණ්ඩායමක ක‍්‍රියාවක් බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයන් නිකුත් කර තිබුණා. ඒ නිවේදනයෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට මේ රටේ ජනතාව මුහුණ දෙමින් ඉන්න පීඩාව සහ වේදනාවන් පිළිබඳව කිසිදු හැඟීමක් නැති බවයි. අතදරුවන් වඩාගත් අම්මලා, රැකියාවට ගොස් නිවාස කරා පැමිණෙමින් සිටි අය, පොදු පුරවැසියන්, වැඩිහිටි අම්මලා, තාත්තලා, විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියා. ඔවුන් පාන්දර 2.00 – 3.00 පමණ වන තෙක් රැඳී සිටිමින් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරමින් විරෝධය දැක්වූවා. සාමාන්‍ය පුරවැසියන් මේ විදිහට නැගී සිටින්නේ විනෝදයටද? නැහැ. ජනතාව මුහුණ දෙන පීඩාවන් පිළිබඳව මේ ආණ්ඩුව කිසිම අවධානයක් යොමු නොකරන නිසයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment