පුරාවිද්‍යාවට අත පුරා දීමනාවක්

256

පුරාවිද්‍යාත්මක ස්ථාන රැකගැනීමට දායක වන ආයතනවල කාර්ය මණ්ඩල දිරිගැන්වීමට පුරාවස්තු තෑගි අරමුදලින් දිරිදීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ .ඒ සඳහා අවස්ථාව ලැබෙන පරිදි 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥාපනතේ විධිවිධාන පරිදි යෝග්‍ය රෙගුලාසි පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment