පුරාවිද්‍යා ස්ථාන රකින්න පොලිස් ඒකක පිහිටුවන්න

183

යහපාලන රජය විසින් විසුරුවනු ලැබු පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීම සඳහා වූ පොලිස් කොට්ඨාසය යළි පිහිටුවන ලෙස දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

යම් ප‍්‍රදේශයක පුරාවිද්‍යා විනාශයක් පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත පොලිස් ඒකකයට තොරතුරු ලද වහාම එම ප‍්‍රදේශයට ගොස් විමර්ශන සිදුකර සැකකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා මෙම ඒකකයේ නිලධාරීහු කටයුතු කළහ.

මෙම ඒකකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු යටතේ නිලධාරීන් 40ක පමණ පිරිසක් යොදවා වැටලීම් සිදුකරමින් සිටියදී 2016 වසරේදී යහපාලන රජය විසින් විසුරුවා හරින ලදි.

පසුගිය වසරේ පුරාවිද්‍යා විනාශය සහ පුරාවිද්‍යා ස්ථානවලට සිදු වූ හානි සම්බන්ධයෙන් පැමිණිලි 205ක් ලැබී තිබෙන අතර මේ වසරේ මේ වනවිට පැමිණිලි 97ක් ලැබී ඇත.

මෙම ඒකකය නැවත ස්ථාපිත කර සක‍්‍රිය කරන ලෙස ද උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment