පුරාවිදු අවධානය නැති ගලෙන්බිඳුණුවැව විහාර මහා දේවි සෙනසුන නිධන් හොරුන්ගේ පාරාදීසයක්

50

ගලෙන්බිඳුණුවැව, කෝඩාලිපොතාන විහාර මහාදේවි චිත්ත විවේක සෙනසුන නිධන් හොරුන්ගේ ග්‍රහනයට නතුව ඇති බව වාර්තා වේ.

පුරාණ පොකුණු, බුදු පිළිම, පඩිපෙළ, කැසිකිළි, විහාර මහාදේවිගේ පිළිරුවක් නිධන් සොරුන්ගේ ග්‍රහනයට ලක්වී ඇත. ගරාවැටී ඇති චෛත්‍යය ඓතිහාසික වටිනාකමක් ඇති නමුත් බලධාරින්ගේ අවධනයට ලක් නොවීම නිසා නිධන් හොරුන්ගේ බැල්ම මෙම සෙනසුනට වැටී ඇත.

පුරාවිදු අවධානය නැති ගලෙන්බිඳුණුවැව විහාර මහා දේවි සෙනසුන නිධන් හොරුන්ගේ පාරාදීසයක්

වසර ගණනාවක සිට අවස්ථා ගණනාවක්ම මෙම සෙනසුන නිධන් හොරුන්ගේ ග්‍රහනයට නතුවුණු බව විහාරාධිපතිව වැඩවසන දේවහූවේ හේමාලෝක හිමි පවසති.

විහාරාධිපති හිමියන් පවසන්නේ පුරාවිද්‍යාත්මක සාධක දක්නට ලැබුණද මෙම පුණ්‍ය භුමිය මේ දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු නොවී ඇති බවයි.

ගලෙන්බිඳුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment