පුරුෂ සරුබව හීනවෙලා

343

පුරුෂ සරුභාවය පසුගිය දශක පහ තුළදී හීනවී ඇති බව හෙළිව ඇත.

ඒ අනුව පිරිමින් ශුක්‍ර මෝචනයේ දී මුදාහරින ශුක්‍රාණු සාන්ද්‍රණය, ගෙවුණු වසර 50 තුළ දී 51%කින් පහත වැටී තිබේ.

මේ, ඊශ්‍රායලයේ ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ මවුන්ට් සයිනයි වෛද්‍ය විද්‍යාලය විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණවල එක් ප්‍රධාන සොයා ගැනීමකි. 1970 ගණන්වල දී සාමාන්‍යයෙන් ශුක්‍රාණු මිලිලීටරයකට ප්‍රජනක සෛල මිලියන 101ක් වූ අගය, ගතවූ පනස් වසර තුළ දී මිලියන 49 දක්වා පහත වැටී ඇති බව පර්යේෂකයන් ගණනය කර තිබේ.

සාන්ද්‍රණය පහත වැටීමට අමතරව, ශුක්‍රාණුවල ගුණාත්මකභාවයේ අඩුවීමක් ද මෙම පර්යේෂණවල දී අනාවරණය වී ඇත. ඩිම්බයට ඇතුළුවිය හැකි සෛල ප්‍රතිශතය මෑත දශකවල දී සැලකිය යුතු මට්ටමින් පහත වැටී තිබේ. ‘මෙහිදී අපි දුටු වඩාත්ම කැපී පෙනෙන දෙය වුණේ ශුක්‍රාණුවල චලනය අඩුවීම යි. එයින් ශුක්‍රාණුවල සංසේචන හැකියාව අඩුවෙනවා,’ යැයි බ්‍රසීලයේ ‘සහය ලත් ප්‍රජනන සංගමයේ‘ උප සභාපති, මෞත්‍ර ලිංගික විශේෂඥ මොඅසීර් රෆායෙල් රඩේලි පවසයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment