පුෂ්පිකා අද පොලිසි නොඑයි

739


හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පිලියන්දල පොලිසියට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද කැඳවීමක් කර තිබුණ ද ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය පවසයි.

ඇය නියෝජනය කරමින් නීතිඥ සරිත් පතිරත්න මහතා පොලිසිය වෙත පැමිණියේය.පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා පැවසූවේ චන්දිමාල් ජයසිංහ මහතාට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ වරයකු සමග නීතිඥ හමුවක් අද දිනයේ පැවැත්වෙන බවත් ඒ සඳහා ඇය සහභාගි වන බැවින් අද දින පොලිසියට නොපැමිණෙණ බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බවය.

ඒ අනුව මෙම මස 28 වැනිදා පෙරවරු 10ට පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස ඇයට දින ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment