පුස්තකාලයකට ගිනි තැබීම ප්‍රභාකරන්වත් නොකළ වැඩක් – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න

337

පිරිසක් රනිල්ගේ පුස්තකාලයට ගිනි තැබීම ත්‍රස්ත නායක ප්‍රභාකරන්වත් නොකළ ක්‍රියාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹදී ඊයේ (10 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රටේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර, එහිදී තවදුරටත් කතා කළ රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.

“අද ජනාධිපතිවරයාත් නැහැ. අගමැතිවරයාත් නැහැ. ඒකට විකල්ප අගමැතිවරයා කියන්නේ විපක්‍ෂනායකවරයා. ඕනෑම රටක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විපක්‍ෂ නායකවරයා තමයි විකල්ප අග්‍රාමාත්‍යවරයා. ලෝකයේ ඕනෑම නායකයෙක් රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක්, විපක්‍ෂ නායකවරයත් හම්බවෙලයි යන්නේ. එහෙත් අද ඒ කවුරුවත් දන්නේ නැහැ හෙට දිනයේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ විපක්‍ෂ නායකවරයා ද කියලා.

“රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ගෙට, පුස්තකාලයට ගැනි තැබීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මේවා පහත් වැඩ. මෙවැනි ක්‍රියා අනුමත කරන්නේ නැහැ.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment