පුහුණුකරු ධුරය තවදුරටත්  රුමේෂ් රත්නායකට

179

එළැඹෙන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරය සඳහා ද ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අවසන් වුණු සිම්බාබ්වේ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ද රත්නායක මහතා කටයුතු කළේය.

 සිම්බාබ්වේ තරගාවලියෙන් අනතුරුව ඒ මහතාට කොවිඞ් වෛරසය ආසාධනය වී තිබෙන අතර මේ වනවිටත් ස්වයං නීරෝධායනයට ලක්ව සිටියි. එම තත්ත්වය මත ඔහුට කණ්ඩායම සමඟ පිටත්ව යෑමේ අවස්ථාව අහිමි වන නමුත් පෙබරවාරි 11 වැනිදා ආරම්භ වන පළමු තරගයට පෙර රත්නායක මහතා කණ්ඩායම සමඟ එකතුවීමට නියමිතය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡුා කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව විසින් ඒ මහතාව ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරය සඳහා පත් කිරීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment