පුහුණු තරගය විසඳුමකින් තොරයි

249

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත XI අතර පැවති දෙදින පුහුණු තරගය ඊයේ (05 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් වූයේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 4ක් දැවී ලකුණු 276ක් ලබා සිටින විට ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩකයන් තරගය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 141ක් ලබා සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ගෙන දුන් ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 78ක් ලබා සිටින විට පිටියෙන් ඉවත් වූ අතර පසුව පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 87ක් තුළ ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වූයේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 38ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 35ක් ලබා ගත්හ. නවසීලන්ත XI වෙනුවෙන් ජේසීටී බොයිල් නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වූ අතර ජේ. ජේ. බූලා නොදැවී ලකුණු 37ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දවා ගත් එකම කඩුල්ල වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර විසින් දවා ගන්නා ලදී.

ශ්‍රී ලංකා කණ්ඩායම – 276/4 (57.3) කුසල් මෙන්ඩිස් 95, ඕෂධ ප්‍රනාන්දු 78, ඇන්ජලෝ මැතිව්ස් 38, දිනේෂ් චන්දිමාල් 35.

නවසීලන්ත XI – 141/1 ( 38) ජේසීටී බොයිල් 73, ජේ.ජේ. බූලා 37, ලහිරු කුමාර 1/16.

advertistmentadvertistment
advertistmentadvertistment