පුළුවන් කෙනෙකුට භාරදීලා ජනාධිපති යන්න

236

රට මුහුණපා ඇති අර්බුද හමුවේ තවදුරටත් රට අරාජික තත්ත්වයට පත්වීමට ඉඩ දී බලා නොසිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කළ හැකි පුද්ගලයකුට රට භාරදිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) සහ 38(1)(ආ)40(1)(අ) වගන්තිවලට අනුව ජනාධිපතිවරයාට ඒ සඳහා ක්‍රියා කළ හැකි බව ද කියා සිටින අබේවර්ධන මහතා රට අරාජිකත්වයට පත්වුවහොත් ජාත්‍යන්තරයෙන් ලබාගත හැකි උදව් උපකාර පවා රටට අහිමි විය හැකි බව ද කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment