පූජනීය ස්ථානවල විදුලි බිල  වැඩි කළේ සාපරාධී පළිගැනීමේ  දුෂ්ඨ චේතනාවෙන් – අකුරැටියේ නන්ද නාහිමි

116

විදුලිබල මණ්ඩලය විසින් පූජනීය ස්ථානවල විදුලි බිල සියයට 550 කින් ඉහළ නංවා ඇති බවත් මෙය සාපරාධී පලිගැනීමේ දුෂ්ඨ චේතනාවෙන් කළ කටයුත්තක් බවත් මෙයට විරෝධතාවක් පවත්වා 21 වැනි දින ඇමැතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බැව් රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් සංඝනායක දර්ශනපති අකුරැටියේ නන්ද නාහිමියන් සඳහන් කළහ.

පූජනීය ස්ථානවල විදුලි බිල  වැඩි කළේ සාපරාධී පළිගැනීමේ  දුෂ්ඨ චේතනාවෙන් - අකුරැටියේ නන්ද නාහිමි

ගාල්ල උණවටුණ බොනවිස්ටා වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පැවති ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 185 වැනි ජන්මදින සැමරුම් උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. අකුරැටියේ නන්ද හිමියන් මෙසේද පැවසූහ.

මහා සංඝරත්නයෙන් වෙහෙර විහාරස්ථාන වලින් පූජනීය ස්ථානවලින්  පලිගන්නා ස්වරූපයෙන් විදුලිබල මණ්ඩලය විසින් පූජනීය ස්ථානවල විදුලිබිල සියයට 550න් ගුණයකින් වැඩිකොට තියෙනවා. විහාරස්ථාන හා පූජනීය ස්ථාන දිවයිනේම තියෙන්නේ 48000ක ප්‍රමාණයක්. මින් ලැබෙන ආදායම විදුලිබල මණ්ඩලයේ ආදායමෙන් සියයට 0.7ක්. විදුලිබල මණ්ඩලය විසින් සියයට 550 ගුණයකින් පූජනීය ස්ථානවල විදුලිබල වැඩිකරලා තියෙනවා. ඊටත් හපන් ඒ ඇමැතිවරයාගේ තියෙන ආඩම්බර කතාව. මේ රටේ විහාරස්ථාන 10000ක් තියෙනවා. මහා සංඝරත්නය 30000ක් පමණ වැඩ ඉන්නවා. සියලු විහාරස්ථාන මගින් සේවාවන් සපයන්නේ මෙරටේ මහජනතාවට බුදු මැඳුර බෝධි මන්දිරය චෛත්‍ය රාජයාණන්වහන්සේ අලෝකවත් කරමින් විදුලි අලෝකවත් කරමින් කරන්නේ පොදු මහජනතාවගේ ප්‍රයෝජනය පිණිස පූජනීය ස්ථාන අතලොස්සක් රජයේ වියදමින් විදුලිබලි ගෙවීමට කටයුතු කළත් විහාරස්ථාන 10000න් සියයට 90ක් පමණ ඉතා දුකසේ විදුලිබිල ගෙවමින් ආගමික සේවවල නිරතව ඉන්නවා. ජනතාව එදිනෙදා ජීවිතය ගතකරන්න අපහසු යුගයක විහාරස්ථානවල සියයට 550කින් විදුලිබිල නැංවීම සාපරාධී පළිගැනීමේ දුෂ්ඨ චේතනාවෙන් කළ කටයුත්තක් විදියට තමයි අපි දකින්නේ. මේක දෙගුණයක් වුණානම් ප්‍රශ්නයක් නැහැ. 550 ගුණයකින් වැඩිකරලා තියෙනවා. වගකිවයුතු අය මේ සඳහා සහනයක් ලබාදීමට කටයුතු කළයුතු වෙනවා.

මෙහිදී දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා ද කථා කළ අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ගාල්ල තරුණ බෞද්ධ සමිතිය මගින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කොට තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment