පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගෙන් කොවිඞ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක්…

118

කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන් විසින් රුපියල් මි. 15 ක් වටිනා කොවිඞ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ. උන්වහන්සේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම උපකරණ සංඛේතාත්මකව භාරදුන්හ.

පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගෙන් කොවිඞ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක්...

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ යන මහත්වරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment