පූජා භූමි සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක්

139


ඉදිරි වසර 05 සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ශ‍්‍රී ලංකාවේ පූජා භූමි සංවර්ධනයට ලැබේ.එම මුදලින් යම් කොටසක් පොළොන්නරු සොළොස්මස්ථාන සංවර්ධන කටයුතු කඩිනම්ව සංවර්ධනයට යෙදවීමට රජය තීරණය කර ඇත. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡුාවකදී මෙම තීරණය ගෙන තිබේ.එසේම
සොළොස්මස්ථාන පූජා භූමිය ආලෝකමත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමටත් , ඒ සඳහා විදුලි බිල මධ්‍යම සංස්කෘතික අරමුදලින් ගෙවිමටත් මෙහිදී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා එකගතාවය ඵල කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment