පූජිත්ට හේමසිරිට අධි චෝදනා 1710 කියවයි

269

* හිටපු බුද්ධි අංශ ප‍්‍රධානියා අද සාක්‍ෂි දෙයි

 පාස්කු නඩුවේ විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ඊයේ (22දා) අධිචෝදනා 855 කින් සමන්විත චෝදනා පත‍්‍ර වෙන් වෙන්ව කියවාදීම සිදු කෙරිණි.

පූජිත්ට හේමසිරිට අධි චෝදනා 1710 කියවයි

විනිසුරු ම`ඩුල්ලේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තකවරිය විසින් පුරා පැයක් පමණ කලයක් ගතකරමින් කියවා දුන් එකි අධිචෝදනා පත‍්‍රයේ සඳහන් සියලූ අධිචෝදනාවලට තමන් නැවැරදිකරු බව විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා විත්ති කූඩුවේ සිට අධිකරණයට ප‍්‍රකාශ කළේය.

පූජිත්ට හේමසිරිට අධි චෝදනා 1710 කියවයි

පාස්කු ප‍්‍රහාර මාලාව සිදුකළ ත‍්‍රස්තවාදීන්ට සිය සේවාදායදකයා අනුබලදීමක් හෝ පොලිස්පතිවරයා ලෙස ඉටුකළ රාජකාරියේදී නීති විරෝධි නොතකා හැරීමක් සිදුනොකළ බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණයේ දී කියා සිටියේය. කෙසේ නමුත් ඔහු පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සමයේදී එනම් 2019/4/21 වැනිදා සහරාන් හසිම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප‍්‍රමුඛ ආගමික ස්ථාන, කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලය ප‍්‍රමුඛ ස්ථාන 7 ක් මුල්කරගෙන ස්වයං බෝම්බ ප‍්‍රහාර මවාලාවක් එල්ල කළ බවට හා එකී ප‍්‍රහාරවලින් අධිචෝදනා පත‍්‍රයේ සඳහන් පුද්ගලයන් මියගිය බවට හා තුවාල ලැබු බවට සිය සේවාදායකයා පිළිගන්නා බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා විනිසුරු ම`ඩුල්ලට පෙන්වා දුන්නේය.

 එකී කරුණු ඇතුළු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මූලික කරුණු 33 ක් සම්බන්ධයෙන් විත්තිය සාක්‍ෂි විභාගයකින් තොරව හා හබ කිරීමකින් තොරව පිළිගන්නා බවත් එහිදී අධිකණය හමුවේ පැවැසූ විත්තියේ නීතීඥවරයා නුදුරේදීම කතතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු තමන් වෙත ලැබී තිබු බවට සඳහන් ලේඛණ සම්බන්ධයෙන් ද පිළිගැනීමක් සිදු කළේය.

 එම නඩුවේ විභාගය අද (23දා) පෙරවරු 9.00 දක්වා කල්තැබීමට නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඞ් ඉර්සඞීන් යන විනිසුරු ම`ඩුල්ල එහිදී නියෝග කළහ. එම නඩුවේ සාක්‍ෂිකරුවෙකු ලෙස කැඳවා ඇති රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්‍ෂිය අද (23 දා) ලබාගැනීමට නියමිතය.

 නීතිපතිවරයා විසින් මෙම නඩු කටයුත්ත විභාග කිරීමට විශේෂ මහාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා සිටියේ එකී නඩු කරයේ පවතින සුවිශේෂත්වය මෙන්ම එමගින් ඉස්මතුවී ඇති ජාතික වැදගත්කම අනූව වන්නේ යැයි නඩු විභාගය ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

 පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස එකී ප‍්‍රහාරවලින් බරපතල තුවාල ලැබූ වින්දිතයන් අධිකරණය හමුවට කැඳවා ඔවුන් තව තවත් අපහසුතාවයට පත්කිරීමට පැමිණිල්ල අපේක්‍ෂා නොකරන බවත් විමර්ශන නිලධාරීන් ඇතුළු සුවිශේෂිම සාක්‍ෂිකරුවන් පමණක් අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 රජයේ අධිනීතීඥ හංස අබේරත්න, රජයේ අධිනීතීඥ සහන්යා නාරම්පනාව, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ දමිතිනි ද සිල්වා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඇතුළු නීතීඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙය විය. නීතීඥ ප‍්‍රියංක ගුණරත්න, දුලාන් මිරිහාන, ජයන්ත තිලකරත්න හා නීතීඥ නිර්මාල් කොඩිතුවක්කු යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතීඥ රොෂාන් දෙහිවල මහතා, පුජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

 ඒ. ජේ. ඒ. අබේනායක
 ඡායාරූප – කමල්  බෝගොඩ, සුජාත ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment