වැලැදිමීර් පූටින් පරිහරණය කරන කබාය රුසියානු පුද්ගලයකුගේ මාසික වැටුප මෙන් 31 ගුණයක් වෙනවා. ඉස්තරම් සන්නාම ලූහුබඳින පුටින් අඳින මෙම ‘‘ලෝරෝ පියානෝ’’ සන්නාමයේ කබාය රුසියානු රූබල් මිලියන 1.5 ක් වෙනවා. ඒ අතර ඉතාලි ජාතික ‘‘කිටොන්’’ නැමැති මෝස්තර ශිල්පියා විසින් නිර්මාණය කරන ලද ජම්පරය පවුම් 2400 ක් බැව් වාර්තා වෙනවා. ඉතාලියේ ‘‘බියෝනි’’ සන්නාමයට පුටින් වඩාත් ප්‍රියකරන අතර පළඳින පාවහන් ජෝන් ලොබ් හෝ සැල්වනෝර් ෆෙරගාමෝ’’ සන්නාමය පුටින් වඩාත් ප්‍රිය කරන බැව් වාර්තා වෙනවා.
- කි‍්‍රයාශීලී චරිතයක් ලෙස…
ව්ලැදිමීර් පූටින් කි‍්‍රයාශීලී චරිතයක්. ව්‍යායාම වෙනුවෙන් වැඩි කැමැත්තක් දක්වනවා. ඔහු ව්‍යායාම වෙනුවෙන් අඳින ඇඳුම ලෝම සහ සේද සංයෝග වී නිර්මාණය වුන ‘‘ලෝරා පියානෝ’’ සන්නාමයට අයත් ඇඳුමක්. මෙහි ඇති විශේෂත්වය නම් දහඩිය ඇඳුමට උරා ගන්නේ නැහැ. ඒත් මිල පවුම් 2400 ක් බව ඇහුවොත් ඔබ පුදුම වේවි.
- ඔරලෝසුවකින් වෙලාව බලනවා මිසක්…
ඔරලෝසුවක් කුමකටද ඇහුවොත් වේලාව බලන්න මිසක් යැයි ඔබ කියාවි. ඒ අතර එක් පුද්ගලයකුට ඔරලෝසු එකතුවක් කුමකටද කියන ප්රශ්නය අපේ හිතට නැඟුනත් මේ සමාජවාදී නායකයා නම් සීමිත සම්පත්වලින් කිසිම සෑහීමක් නැති හැඩයි.
ඔහු සතුව රුපියල් මිලියන 180 කටත් වැඩි වටිනාකම් ඇති ඔරලෝසු එකතුවක් තිබෙනවා. ඒ අතර තිබෙන ‘‘ටුවර්බ්රොග්රෆ්’’ අත් ඔරලෝසුවේ වටිනාකම පමණක් පවුම් ලක්ෂ තුනක් වෙනවා. මේ අත් ඔරලෝසුවේ පටිය කිඹුල් සමකින් නිර්මාණය වී තිබෙනවා. එහි කටු රත්රන් වලින් නිර්මාණය වී තිබෙනවා.
ඔබටත් මේ අත්ඔරලෝසුව දකින්න කැමැති නම් වරක් ඇන්ජලා මර්කල් සමග අතට අත දෙමින් ආචාර කරන අවස්ථාවක ඔහු පැළඳ සිටින්නේ මේ අත් ඔරලෝසුවයි. මේ පිළිබඳ විවේචන ඉදිරිපත් කරමින් රුසියානු විපක්ෂය කියා සිටින්නේ එය පුටින් රජයෙන් ලබන වැටුප මෙන් සයගුණයක් බවයි.
- ඇන්ජලා මර්කල්ගේ අදහස…
ඇන්ජලා මර්කල් මහජන මතයට සවන් දෙන්නා සේම මහජන මුදලින් නඩත්තු වෙන්නියක්ද නොවේ. ඇගේ දුරකථන බිල, ඉන්ධන සියල්ලම තමාගේ පුද්ගලික වියදමින් සපුරා ගනී. ඒ වගේම ඇය බෙහෙවින් සරලය.
එක් පුවත්පත් වාර්තාකරුවෙක් දිනක් ඇයගෙන් මෙසේ විමසා සිටියා. මම මීට පෙර වතාවක ඔබ සමග පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වුණා. මට හොඳටම මතකයි. එදත් ඔබ ඇඳගෙන හිටියේ අද ඇඳගෙන සිටින ඇඳුම… මම නිවරදියි නේද…? මාධ්‍යවේදියා ඇසුවා.
හරියටම හරි… ඔබ නිවරදියි. මම ජර්මනියේ චාන්ස්ලර්වරිය මිසක මෝස්තර නිරූපිකාවක් නොවෙයි නේ… ඇන්ජලා මර්කල් පිළිතුරු දුන්නා.
- මාළිගාව ගැන කියන්න වචන මදි..
එදිනෙදා ජීවිතයේ ඇඳුම් පැළඳුම් වෙනුවෙන් මෙතරම් වැය බරක් දරන පුටින්ගේ මාලිගාව ගැන ඔප ඇහුවොත් ඇතත්ටම පුදුම වෙන එකක් නැහැ. ඊට හේතුව ඇඳුම් ආයිත්තම් සමග එය සාපේක්ෂව හිතන්න ඔබටත් හැකියාව තිබෙනවා. නිදන කාමර එකොළහක්, වර්ග අඩි 27,000 ක ආගන්තුක හමුවන කාමරයක්… පිහිණුම් තටාක, ලාස් වේගාස් කැසිනෝ ශාලාවක්, ලැප් රංඟන ශාලාවක්, තැබෑරුම් සහ දේවස්ථානයක් ඇතුළත් වෙනවා.
මේ වෙන විටත් වසර දහතුනක සිරදඬුවම් ලබන රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්ති සඳහන් කරන්නේ මේ විසල් මාලිගය පුටින් විසින් අප්රසිද්ධියේ පවත්වා ගෙන යන අතර එහි වටිනාකම ඩොලර් බිලියනයක් පමණ වටිනාකමකින් යුක්ත බවයි.
මේ සියල්ලත් සමග මෝටර් රථ 700 ක් හෙලිකොප්ටර් යානා 58 ක් පවුම් මිලියන 73 ක සුපිරි නෞකාවක් සහ තවත් මාලිගා 19 ක් සහ ගුවන්යානා කීපයක් ඇති ව්ලැදිමීර් පුටින් මහජනතාව ඉදිරියේදී බොහොම නිහතමානීව කියා සිටින්නේ ‘‘මම ජීවත් වෙන්නේ රජයෙන් ලැබෙන වැටුපෙන් බවයි… එහෙත් ඒ බව දන්නෝ දනිති… එය නොදන්නෝද දැන ගත යුතුව ඇත.
පුන්‍යා චාන්දනි ද සිල්වා