පූන්තෝට්ටම් ආදාහනාගාරය අක‍්‍රිය වෙයි කොරෝනා මළ සිරුරු 11 ක් හරවා යවයි… හදන්න කොළඹින් එන්න ඕනෑ… මළ සිරුරු ගේන්න එපා!

136

වවුනියාවේ පූන්තෝට්ටම්  ආදාහනාගාරය හදිසියේ අක‍්‍රිය වීම නිසා ආදාහනය කිරීමට රැගෙන එන ලද කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 11 ක් ආපසු හරවා යැවීමට සිදු වූ බව වවුනියාව නගර සභාවේ සභාපති ඊ. ගෞතමන් මහතා ඊයේ(31දා* පැවසීය.

පසුගිය දිනවල මෙම ආදාහනාගාරයේ පැය 24 පුරාම මළ සිරුරු ආදාහනය කළ බව කී නගරාධිපතිවරයා හදිසියේම අක‍්‍රිය වූ එම ආදාහනාගාරයේ යන්ත‍්‍ර අලූ‍ත්වැඩියාව සඳහා කොළඹින් කාර්මිකයින් පිරිසක් කැ`දවීමට සිදුව ඇති බවද පැවැසීය.

මේ නිසා ආදාහනාගාරය යථා තත්ත්වයට පත්වන තුරු මෘත ශරීර ආදාහනය කිරීමට නොහැකි බැවින් යළි දැනුම් දෙනතුරු මළ සිරුරු රැගෙන නොඑන ලෙස වවුනියාව මන්නාරම හා මුලතිව් රෝහල් බලධාරීන්ට තමන් දැනුම් දුන් බවද නගරාධිපතිවරයා පැවසීය.

උතුරු පළාතේ පිහිටා ඇත්තේ ආදාහනාගාර දෙකක් පමණක් වන අතර ඉන් එකක් යාපනයේ පොම්මාවේලී ප‍්‍රදේශයේද අනෙක වවුනියාවේ පූන්තෝට්ටම් ප‍්‍රදේශයේද පිහිටා ඇත. කොරෝනා රෝගයෙන් මියයන වවුනියාව මන්නාරම හා මුලතිව් යන පළාත්වල රෝගීන්ගේ මළ සිරුරු වවුනියාවේද යාපනය හා කිළිනොච්චිය ප‍්‍රදේශයේ රෝගීන්ගේ මළ සිරුරු යාපනයේදීද ආදාහනය කෙරුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment