පූර්ණ චන්‍ද්‍රග්‍රහණයක්… ලොව පුරා රටවල දෙවැනි පුරවැසියාට අපල!

296

ජලාශ්‍රිත විපත් ඉහළට

2022 නොවැම්බර් මස 08 වැනි කුජ දා සවස 4.30ට මධ්‍ය කොටගෙන පූර්ණ චන්‍ද්‍රග්‍රහණයක් සිදු වේ. සඳු යනු ජ්‍යොතිෂයේ දී මනස හා ඍජුව සම්බන්ධ වන ග්‍රහයා යි. තවද ග්‍රහ ලොව රැජිණ ය. නැතහොත් දෙවැනියා යි. මීට පෙර පූර්ණ චන්‍ද්‍රග්‍රහණයක් තිබුණේ මැයි මස 16 වැනිදා යි. සාමාන්‍ය ක්‍රමය චන්‍ද්‍රග්‍රහණයට දින 7කට පෙරත් දින 7කට පසුත් අතර කාලය ඉතා අශුභදායක වන බවයි. එනම් පුර සතවක සිට අව සතවක දක්වා කාලය අශුභ බව දත යුතුයි. මෙහිදී ඉල් පුර සතවක නොවැම්බර් 01 වැනිදා වන අතර ඉල් අව සතවක යෙදෙන්නේ 16 වැනි බදාදා යි. එනම් මේ අතර කාලය තම මනස රැක ගැනීමට ලෝකවාසී සැම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි.

තවද සඳු ජලයට කාරක වේ. චන්‍ද්‍ර ග්‍රහණය සිදුවන්නේ මේෂ රාශිය තුළයි. එබැවින් ලෝකයේ ප්‍රබල රටක දෙවැනි නායකයාට, පීඩා ගෙන දෙන කාලයකි. ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ වන රටක අගමැතිවරයාට හෝ උප ජනාධිපතිවරයාට ගැටලු පැන නඟින අතර අගමැති ප්‍රමුඛ රටක උප අගමැතිට ගැටලු ඇති වේ. ඒ අය කාන්තාවන් නම් අතිශය තීරණාත්මක කාලයක් වනු ඇත. ලෝකය ම ආදරය කරන අධ්‍යාත්මික නායකයකුට, පූජ්‍ය උතුමෙකුට හදිසි පීඩාවක් සිදුවිය හැක. රාජ්‍ය තාන්ත්‍රික පිරිස් මුහුදු ගමන්, ජලාශ නිරීක්‍ෂණ ආදියෙන් වැළකී සිටිය යුතු කාලයකි. ජලාශ, වැව්, ආශ්‍රිතව මෙරට ද ගැටලු උදාවනු ඇත.

මෙරට අග්‍රාමාත්‍ය ධුරය පිළිබඳව යළි විවිධ මති මතාන්තර එළිබසිනු ඇත. මෙරට සංඝ පීතෘවරයකු, කාන්තා බලවත් චරිතයක් යම් ගැටලුවකට මුහුණ දෙනු ඇත.

පුද්ගලයන් තුළ මානසික අසහනය, කලකිරීම වැනි දේ උද්ගතවන බව පෙනේ. මිනිසුන් තම පෞරුෂත්වය රැකගැනීමට නොමනා දේවල් කරගැනීමට පෙළඹෙනු ඇත. මිනිසුන්ගේ මානසික ඒකාග්‍රතාව බිඳවැටෙනු ඇත. මෙම කාලවල යෝගා අභ්‍යාසවල නිරතවන අයට ද තම ගෞරවය රැක ගැනීමට කටයුතු කළ යුතු වේ.

එමෙන්ම නාවික ක්‍ෂේත්‍රයේ, ධීවර ක්‍ෂේත්‍රයේ, යම් යම් තත්ත්ව නිර්මාණය වේ. මුහුදු ඛාදන, අයිස් ග්ලැසිය දියවීම හෝ මුහුදු පත්ලේ භූ කම්පන හෙවත් ආසන්න සුනාමි තත්ත්ව පිළිබඳව ලෝකය තුළ යළි කතා වනු ඇත.

යුක්රේන, රුසියා ගැටුමේ වෙනස් පැතිකඩක් ලෝකයට නිරාවරණය වන කාලයකි. එහි තත්ත්වය ද උග්‍ර හෝ බිහිසුණු විය හැක.

කෙසේ වෙතත් අප සැම අපගේ මනස ශක්තිත් කරන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම මැනවි.

● සැමදා අලුයම සත් භාවයෙන් යුක්තව මෛත්‍රී භාවනාව සිදුකිරීම.

● චන්ද පිරිත සජ්ඣායනා කිරීම.

● මාළුන්ට කෑම දීම

● කිරි, යෝගට් දන් දීම.

● පොඩි ළමයින්ට (දහම් පාසල් පරිශ්‍රයකදී) කිරි හෝ කිරි ආහාර ලබාදීම

මෙම දෝෂවලින් මිදී මානසික ශක්තිය ලබා ගැනීමට හේතු වනු ඇත.

පූර්ණ චන්‍ද්‍රග්‍රහණයක්... ලොව පුරා රටවල දෙවැනි පුරවැසියාට අපල!

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment