පෙට්‍රල් නැවටත් අත දිගු කරයි

600

මෙරට වරායට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නවතා ඇති පෙට්‍රල් මෙටි්‍රක් ටොන් හතළිස් දහසක් අඩංගු නැවක් ලබන 19 වැනිදා වනවිට කොළඹ වරායට ගෙන්වා ගැනීමට ඛනිජ තෙල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.

මේ වනවිට මෙරටට ඉන්ධන ලබාදීම සඳහා විවිධ නෞකා සමාගම් මෙරට වරායට ඔබ්බෙන් වූ මුහුදු සීමාවට පැමිණ සිටින බව තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව රටේ අවශ්‍යතා මත ක්‍ෂණිකව අදාළ මිලදී ගැනීම් කිරීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් මෙම පෙට්‍රල් නෞකාවද කොළඹ වරායට ගෙන්වා ගන්නේ ඒ අනුව බවත් හෙතෙම කීය.

කෙසේ වෙතත් නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට පැමිණි පසු ඒ සඳහා අදාළ ඩොලර් ගෙවා නැව නිදහස් කරගත යුතුව ඇත.

මෙම පෙට්‍රල් නෞකාව ලබන 19 වැනිදා කොළඹ වරායට ගෙන එන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (15 වැනිදා) තෙල් බෙදුම්කරුවන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශයට පත්කර තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment