පෙට්‍රල් පිළිස්සුම් තුවාල ඉහළට

584

ලිප මෙලවීමට භූමි තෙල් වෙනුවට පෙට්ටල් භාවිතා කිරීම හේතුවෙන් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන රෝගීන් සියයට පනහකින් වැඩි වීමක් සිදුව තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි.

මේ දිනවල පෙට්‍රල් පෝලිම්වල සිටිමින් වාහන වලට ලබා ගන්නා තෙල් නිවාස තුල ගබඩා කොට තැබීමෙන් මෙවන් අනතුරුදායී තත්වයක් හටගෙන ඇති බව ද ඒ මහතා කීය.

පෙට්‍රල් සමග ගනුදෙනුව ලේසියි පහසු නොවන බවත් මෙහි අවදානම ඉතා ඉහළ බවත් කී ඒ මහතා පෙට්‍රල් වාෂ්ප වී ඒවා එකතු වී තිබූ මොහොතක ක්ෂණිකව ගිනි ගැනීමේ හැකියාවද පවතින බවද කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment