පෙට්‍රල් පෝලිමේ ඉන්න එපා යැයි ඇමැති කියයි

201


දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් සැපයීමට තව දින තුනක් පමන ගතවන බැවින් පෝලිම්හි රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති ඇමැති කාන්චන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.දැනට පවතින පෙට්‍රල් නිකුත් කරන්නේ ගිලන් රථ වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවද කීවේය.කොළඹ වරායට පැමිණ ඇති පෙට්‍රල් නැවට මීට පෙර ජනවාරි මාසයේදී ලබාගත් පෙට්‍රල් සඳහා ගෙවීම් කිරීම ප්‍රමාදවී ඇත. එනිසා මෙතෙක් එම නැව් සමාගම අලුතින් ඉන්ධන නිකුත් කිරීම සිදුකරන්නේ නැහැ.මේ වන විට මුදල් අමාත්‍යංශය පෙරවෙීම් සිදුකිරීම සම්බන්ධව එම සමාගමට ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.ඒ අනුව දැනට රැගෙනවිත් ඇති පෙට්‍රල් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ගෙවීමෙන් පසු තව දින දෙකකින් පමණ පසු පෙට්‍රල් ලබාගත හැකියැයිද ඇමැතිවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment