පෙට්‍රල් බැරල් ලක්‍ෂ 3 ක් ගන්න ණයවර ලිපි හරි

429

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්‍ෂ තුනක් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමට ණයවර ලිපි විවෘත කර ඇති බව වාර්තා වේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 42.6 ක් සඳහා වන එම ණයවර ලිපිය මහජන බැංකුව මගින් විවෘත කර ඇති බව ද වාර්තා වේ. විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පෙරේදා (16 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේ ඉක්මණින් ණයවර ලිපි විවෘත කර

ගැනීමට හැකි වුවහොත් ඉතා ඉක්මණින් වෙළෙඳපොළට පෙට්‍රල් නිකුත් කිරීමට හැකි වන බවයි. මේ වනවිට සෑම ඉන්ධන පිරවුම් හලකම පායේ ඉතා දිගු පෙට්‍රල් වාහන පෝලිම් දැකගත හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment