පෙට්‍රල් බෝතලය රු.400ට විකුණලා

416

ලීටර් 17ක් සමග සැකකරු අත්අඩංගුවට

මොනරාගල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් 25 වැනිදා මොනරාගල හිඳිකිවුල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වැඩි මිලට පෙට්‍රල් අලෙවි කළ වෙළෙඳසල් හිමියකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි හතළිස්තුන් හැවිරිදි කුඩා වෙළෙඳසල් හිමියෙකි. පෙට්‍රල් බෝතලයක් රුපියල් 400 ගණනේ අලෙවි කරමින් සිටියදී ඔහු ළඟ තිබී පෙට්‍රල් ලීටර් 17ක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සහ නඩු භාණ්ඩ මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

වැඩි මිලට පෙට්‍රල් අලෙවි කරන බවට ලද තොරතුරක් මත සිවිල් ඇඳුමෙන් සැරසී පෙට්‍රල් මිලදී ගැනීමට පොලිස් නිලධාරියකු යොදවා වැඩි මිලට පෙට්‍රල් මිලදී ගන්නා අවස්ථාවේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර. පො. ප. ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment