පෙට්‍රල් මිල පහළට

102

ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මිල ඊයේ (02 දා) සිට අඩු කිරීමට ඛනිජ තෙල් සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම කටයුතු කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩු කර තිබේ. මෙම මිල අඩු කිරීම අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 410 ක් ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 510 ක් ද වේ.

කෙසේ වෙතත් ඩීසල්, භූමිතෙල් ඇතුළු අනෙකුත් ඉන්ධනවල මිල ගණන් වෙනස් වීමක් සිදුව නැතැයි ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment