පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 35000ක් ගොඩබායි

149

මෙරටට පැමිණි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් තිස්පන්දහසක ප්‍රමාණයක් ඊයේ (31දා) ගොඩබෑම ආරම්භ කර තිබුණි.

පසුගිය දින කිහිපයේදී ඉන්ධන බෙදාහැරීමේ අඩුවක් පැවැතියත් එය මහහරවා ගැනීම සඳහා ඩීසල් මෙටි්‍රක් ටොන් 4000ක් ලෙස සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 3000 බැගින් දෛනිකව බෙදාහැරීමට කටයුතු කළ බව බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවැසීය.

බස්රථ සහ පාසල් සේවා බස්රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයද ලබාදීමට පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වනවිට කොළොන්නාව පිරිපහදුවට බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂ දෙකක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෛනිකව ඩීසල් මෙටි්‍රක් ටොන් 1000ක් පමණ නිපද වේ. තව දින කිහිපයකින් පෙට්‍රල් නිපදවීම සිදුවන බවද එහි උසස් නිලධාරියෙක් පැවැසීය. රැගෙන එන ලද බොරතෙල් වලින් සියයට 53ක් පමණ දැවිතෙල් නිපදවෙන බවද ඔහු කීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment