පෙට්‍රල් රු. 35කින් – ඩීසල් රු. 75කින් – මාස 5ක් ඇතුළත  6 වැනි වරටත් අයිඕසීය තෙල් මිල ඉහළ දමයි

182

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම :ෂධක්‍* සිය ඉන්ධන මිල ගණන් පෙරේදා (17 වැනිදා) සිට සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35.00 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 75.00 කින් ලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එම සමාගම පසුගිය දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වූ මාස 5 ඇතුළත සිය ඉන්ධන මිල ගණන් හය වතාවක් ඉහළ දමා තිබේ.

නව මිල ඉහළ දැමීමත් සමග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 303.00 සිට රුපියල් 338.00 ක් දක්වාද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 332.00 සිට රුපියල් 367.00 දක්වාද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 214.00 සිට රුපියල් 289.00 ක් දක්වාද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 252.00 සිට රුපියල් 327.00ක් දක්වාද, ප්‍රිමියම් ඩීසල් ලීටරයක මිල රුපියල් 220.00 සිට රුපියල් 295.00 දක්වා ද ඉහළ දමා ඇත.

ලංකා අයිඕසී සමාගම පසුගිය 2021 වසරේ දෙසැම්බර් 21 වැනිදා රුපියල් 157.00 ක්ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177.00ක් ලෙස රුපියල් 20.00 කින් ද, පෙබරවාරි 06 වැනිදා රුපියල් 7.00 කින්ද, නැවතත් පෙබරවාරි 25 වැනිදා තවත් රුපියල් 20.00 කින්ද, මාර්තු 10 වැනිදා රුපියල් 50.00 කින්ද, නැවතත් මාර්තු 26 වැනිදා රුපියල් 49.00 කින්ද පෙරේදා (17දා) රුපියල් 35.00 කින්ද අවස්ථා හයකදී පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 157.00 සිට රුපියල් 338.00 දක්වා රුපියල් 181.00 කින් (සියයට 115.28 කින්) ඉහළ ගොස් ඇත.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment