පෙට්‍රල් 1000 ට විකිණූ අයෙක් කොටුවෙයි

179

පෙට්‍රල් බෝතලයක් රුපියල් 1000ක මුදලකට අලෙවි කරමින් සිටි වෙළෙඳසල්හිමියකු පෙට්‍රල් ලීටර් 20ක් සමග යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේ දී (04දා) පස්වරුවේදී අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි වියේ පසුවූ වෙළෙඳසල් හිමියෙකි. පොලිස් උපාය දූතයකු යොදවා පෙට්‍රල් අලෙවි කරමින් සිටියදී මෙකී වෙළෙඳසල්හිමියා කොටුකරගත් බැව් පොලිසිය පවසයි. වෙළෙඳසල් හිමියා පොලිස් ඇපමත මුදාහැර ඇති අතර නිසි බලධාරියකුගේ බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් ළඟ තබා ගැනීම හා මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් මොහු ඉදිරි දිනකදී ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බැව් පොලිසිය පවසයි. යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේවගේ, පො. සැ. 45375 සුජීව, පො. කො. 58150 කුමාර පො. කො. 84105 සඳරුවන් පො. කො. 85367 රවින්ද්‍ර, පො. කො. 66539 බැසිල් යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment