පෙත්සම් බැලිල්ල ජගත්ට

109

09 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා යළි තේරී පත් විය.
සභාපතිධුරය සඳහා ජගත් පුෂ්පකුමාර මහතාගේ නම යෝජනා කරන ලද්දේ මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා විසිනි. එය ස්ථිර කරන ලද්දේ වඩිවේල් සුරේෂ් මහතා විසිනි.
පසුගියදා (01) පාර්ලිමේන්තුවේදී පැවති මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී මේ තීරණ ගනු ලැබිණි.

ජගත් පුෂ්පකුමාර මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාර‍යේදීද මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය

advertistmentadvertistment
advertistmentadvertistment