පෙනහලූවලට හානි වීමේ අවදානමක් – විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබොඩ

871

කොවිඞ් රෝගය වැළ`දී අසාධ්‍ය තත්ත්වයට පත්වූවන්ගෙන් සියයට 5 ත් 10 ත් අතර පිරිසකගේ පෙනෙහලූ යම් ස්ථීර හානිවීමකට ලක්වන බව ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබොඩ මහතා පවසයි.

මෙම තත්ත්වය බොහෝ විට දැකිය හැක්කේ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් අතර බව පවසන ඒ මහතා ඔවුන් කොවිඞ් රෝගය සුවවූ පසු වෛද්‍ය උපදෙස් මත පෙනහලූ පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමුවිය යුතු බවද පවසයි.

එසේම කොවිඞ් රෝගය සුවවී නිවෙස් වෙත ගිය පුද්ගලයන් අතරින් මියගිය අයගේ මරණවලට හේතුව කොවිඞ් රෝගය නොව වෙනත් රෝග තත්ත්වයන් උත්සන්නවීම බවද විශේෂඥ වෛi තුෂාර ගලබොඩ මහතා සඳහන් කරයි.

බොහෝ විට ඊට බලපා ඇත්තේ දියවැඩියාව උත්සන්න වීම, හෘද රෝග දරුණු තත්ත්වයට පත්වීම, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම වැනි බෝනොවන රෝග බවද පවසයි.

මෙවැනි බෝනොවන රෝග ඇති පුද්ගලයන්ට කොවිඞ් රෝගය වැළ`දුණුවිට මෙම රෝග උත්සන්න වීමේ අවදානමක් පවතින බව පැවසූ ඒ මහතා එබැවින් කොවිඞ් රෝගය පැවතියද මෙම රෝග පාලනය සඳහා නිසි ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම අත්‍යවශ්‍ය බවද කීවේය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment