පෙබරවාරියේදී රුසියානු හමුදා යුකේ‍්‍රනය ආක‍්‍රමණය කරයිද?

746

යුකේ‍්‍රන අර්බුදය ගැන චීනය නිහ`ඩය. ඇත්තෙන්ම චීනය ඉන්නේ රුසියාව පැත්තේ බව රහසක් නොවේ. ලබන හතර වැනිදා රුසියානු ජනපති චීනය බලා යයි. ශීත ඍතු ඔලිම්පික් උළෙල විවෘත කිරීම සඳහා බීජිං බලා යන ලෝක නායකයන් අතරට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ මධ්‍යම ආසියාවේ ජනාධිපතිවරු පස් දෙනෙක් ද සිටින බව චීනය පසුගිය සිකුරාදා නිවේදනය කළේය.

 වත්මන් යුකේ‍්‍රන අර්බුදයේ ආරම්භය 2014 වර්ෂය දක්වා දිගුවේ. 2014 දී මෙන්ම 2005 දී ද යුකේ‍්‍රනය මත රුසියානු ආධිපත්‍යක් නොපැවැතිය යුතු බවට ද යුරෝපා සංගමය හා නේටෝව සමඟ එක්විය යුතු බවටද හඬ නැඟිණි. යුකේ‍්‍රනය යනු නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි. එය නැගෙනහිරට සහ ඊසානදිගට රුසියාවට මායිම් වේ. එය යුරෝපයේ දෙවන විශාලතම රට වේ. සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ යුකේ‍්‍රනය රුසියාවට අයත් කොටසක් විය. යුකේ‍්‍රනය රුසියාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වීමෙන් පසු යුරෝපා රටවල් සමඟත් ඇමෙරිකාව සමඟත් යහපත් සබඳතා පවත්වයි. ඇත්තෙන්ම යුකේ‍්‍රනය ඇමෙරිකානු රූකඩ රාජ්‍යයක් වීම ක්‍රෙම්ලිනය කොහෙත් ඉවසන්නේ නැත. රුසියානු හිතවාදී යුකේ‍්‍රන ජනපති වික්ටර් යනුකොවිච් බලයෙන් නෙරපනු ලැබූ අවස්ථාව ජනපති පුටින් සතුටු කළ පුවතක් නොවීය. 2014 පෙබරවාරි 22 වැනිදා යනුකොවිච් බලයෙන් පහකිරීම සිදුවිය. මෙයට එකට එක කිරීමක් ලෙස 2014 වසරේ මාර්තු 18 වැනිදා රුසියාව විසින් ක‍්‍රිමියාව ඈඳා ගනු ලැබුණි. වික්ටර් යනුකොවිච් බලයෙන් නෙරපනු ලැබුවේ ඇමෙරිකානු වුවමනාවටය. 2014 සිට යුකේ‍්‍රන හමුදා සහ රුසියානු හිතවාදී කැරලිකරුවන් අතර නැගෙනහිර යුකේ‍්‍රනයේ පවතින ගැටුම් නිසා මේ වන විට දාහතර දහසක් මරණයට පත් වී තිබේ. යුකේ‍්‍රන ජනගහනයෙන් 20% පමණ ජනවාර්ගික රුසියානුවන් වේ.

 පෙබරවාරියේදී රුසියානු හමුදා යුකේ‍්‍රනය ආක‍්‍රමණය කරයිද? එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නිසැකවම යම් ආකාරයක ආක‍්‍රමණයක් බලාපොරොත්තු වෙයි. යුකේ‍්‍රන ‘‘ස්වෛරී භූමි ප‍්‍රදේශය” ආරක්ෂා කිරීමට හා එම රාජ්‍යයට උදව් කිරීමට කැපවී සිටින නමුත් යුකේ‍්‍රනයට හමුදා භටයන් යැවීමට කිසිදු සැලසුමක් නොමැති බව එක්සත් ජනපදය පැහැදිලි කර ඇත. පෙන්ටගනය විසින් කෙටි දැනුම්දීමකින් නැගෙනහිර යුරෝපයේ නේටෝ රටවලට යෙදවිය හැකි ඇමෙරිකානු භටයන් 8,500ක් සීරුවෙන් තබා ඇත. රුසියාව යුකේ‍්‍රනය ආක‍්‍රමණය කළොත් මොස්කව් ආණ්ඩුවට මෙන්ම ජනපති පුටින්ටද එරෙහිව සම්භාධක පනවන බවට ඇමෙරිකාව අනතුරු අ`ගවා ඇත. දැනටමත් ඇමෙරිකාව මෙන්ම බටහිර ලෝකයම ඩොලර් බිලියන ගණනක යුද ආධාර යුකේ‍්‍රනය වෙත යවා තිබේ. තමන් කිසිදු ආක‍්‍රමණයක් සැලසුම් කරන බවට එල්ලවන චෝදනා රුසියාව ප‍්‍රතික්ෂේප කරයි. නමුත් එය මීට පෙර යුකේ‍්‍රන භූමි ප‍්‍රදේශය අත්පත් කරගෙන ඇති අතර එහි දේශසීමා අසල 100,000 රුසියානු භට පිරිසක් යොදවා තිබේ. යුකේ‍්‍රන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි උග‍්‍ර රුසියානු විරෝධියකු ලෙස කටයුතු කිරීම මොස්කව් පාලනය නිරන්තරව කෝප කරයි. රුසියාව යුකේ‍්‍රනය ආක‍්‍රමණය කළහොත් එය සැබවින්ම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ලෝකයත් ජනපති පුටින් අතර ඇතිවන ගැටුමක් වනු ඇත.

 මේ අතර රුසියාව යුකේ‍්‍රනයේ දේශසීමා වටා හමුදා භටයන් 92,000 කට වඩා රැස් කර ඇති අතර ජනවාරි අග හෝ පෙබරවාරි මුල වන විට ප‍්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බව යුකේ‍්‍රනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ප‍්‍රධානියා මිලිටරි ටයිම්ස් ප‍්‍රකාශ කර තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. රුසියානු ආක‍්‍රමණයට ගුවන් ප‍්‍රහාර, කාලතුවක්කු සහ මෙන්ම සන්නාහ සන්නද්ධ රථවලින් එල්ලවන ප‍්‍රහාරද ඇතුළත් විය හැකි බවත්, අසල්වැසි බෙලරුස් රාජ්‍ය හරහා හමුදා කණ්ඩායම් පැමිණිය හැකි බවත් යුකේ‍්‍රන හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා වන ජෙනරාල් කයිරිලෝ බුදානොව් මිලිටරි ටයිම්ස් සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබිණි. ශීත කාලගුණය තුළ සටන් කිරීම අපට සහ රුසියානුවන්ට ප‍්‍රශ්නයක් නොවේ. නමුත් රුසියාව තම රට අස්ථාවර කිරීම සඳහා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් මාලාවක් ආරම්භ කර ඇති බව බුද්ධි ප‍්‍රධානියා කියයි. ‘‘ඔවුන්ට අවශ්‍ය වන්නේ ජනතාව ආණ්ඩුවට විරුද්ධ බව පෙන්වන විරෝධතා සහ රැස්වීම් හරහා නොසන්සුන්තාව ඇති කිරීමටයි,” ඔහු පැවසීය. කොරෝනා එන්නතට විරුද්ධ මහජන උද්ඝෝෂණ පිටුපස සිටින්නේත් රුසියන් ආණ්ඩුව මිස අන් කවුරුවත් නොවෙයි. ඔවුනගේ කුලී හමුදා භටයන් රට තුළ ක‍්‍රියාත්මකයි.

 යුකේ‍්‍රන අර්බුදය පිළිබඳව බි‍්‍රතාන්‍යද දැඩි අවධානයෙන් සිටී. මන්ද රුසියානු ආක‍්‍රමණය වැළැක්වීම සඳහා ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ග පිළිබදව අගමැති බොරිස් ජොන්සන් එරට ආරක්ෂක ප‍්‍රධානීන් සමගද සාකච්ඡු පවත්වා තිබේ. 1994 දී, එක්සත් රාජධානිය – එක්සත් ජනපදය සමඟ – බුඩාපෙස්ට් හි පැවති ජාත්‍යන්තර සමුළුවකදී ‘‘යුකේ‍්‍රනයේ ස්වාධීනත්වයට සහ ස්වෛරීභාවයට සහ පවතින දේශසීමාවන්ට ගරු කරන” බවට පොරොන්දු වෙමින් සංදේශයක් අත්සන් කළේය. යුකේ‍්‍රනය ‘‘ආක‍්‍රමණශීලී ක‍්‍රියාවකට ගොදුරු වුවහොත්” ආධාර ලබා දීමට ද ඔවුන් පොරොන්දු විය. මෙය සිදු කෙරුණේ යුකේ‍්‍රනය සිය දැවැන්ත න්‍යෂ්ටික අවි ගබඩාව අත්හැරීම සඳහා හිලව්වක් ලෙස ය. පසුගිය සතියේ යුද ටැංකි නාශක අවි 2,000ක් යුකේ‍්‍රනය වෙත යැවුණු අතර ඒවා භාවිත කරන ආකාරය යුකේ‍්‍රන හමුදාවන්ට ඉගැන්වීමට බි‍්‍රතාන්‍ය හමුදා භටයින් 30ක් පිටත් කර හැරිණි. මෙයින් පසුව ‘‘ඨදා ී්ඩැ එයැ ූමැැබ” යන වාක්‍ය ඛණ්ඩය යුකේ‍්‍රනයේ වැසියන්ගේ ට්විටර් ගිණුම්වල ප‍්‍රවනතාවක් බවට පත්ව තිබේ. මේ නිසා කීව් අගනගරයෙහි සමහර සමාජ ශාලාවල බි‍්‍රතාන්‍ය විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති ඕනෑම කෙනෙකුට නොමිලේ මත්පැන් පිරිනමයි. එක්සත් රාජධානියට රුසියාවෙන් ගෑස් ලැබෙන්නේ නැති තරම්ය. එයින් බොහෝමයක් උතුරු මුහුදෙන් සහ නෝර්වේ වලින් පැමිණේ. නමුත් යුකේ‍්‍රනය සමඟ ඇති ඕනෑම ගැටුමක් යුරෝපයේ ගෑස් සැපයුම කඩාකප්පල් විය හැකිය. යුකේ‍්‍රනය හරහා රුසියානු ගෑස් යුරෝපයට ගෙන එන නළ මාර්ග ප‍්‍රහාර එල්ලවීමට ඉඩ තිබේ. එසේම බටහිරට දඬුවම් කිරීම සඳහා රුසියාවට සැපයුම් අත්හිටුවීමට ඕනෑම මොහොතක සිදු කළ හැකිය. රුසියාව අමනාප කරගැනීමේ බටහිර උභතෝකෝටිකය මෙය වේ. එය කිසි ලෙසක සුළුකොට තැකිය නොහැක.

 ඇත්තෙන්ම ජර්මනිය යුකේ‍්‍රනයට ආයුධ ලබා දීම ප‍්‍රතික්ෂේප කරන්නේ ඇයි? යුකේ‍්‍රනයට ආයුධ ටොන් ගණනින් යැවීමට එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඉදිරිපත් වුවත් ජර්මනිය ප‍්‍රතික්ෂේප කර ඇත. මෙය සමහර යුරෝපා රටවල් කෝප කරන්නකි. ‘‘රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය එකම මාර්ගය වන බැවින් මේ වන විට උද්ගතව ඇති ඉතා භයානක තත්ත්වය සමනය කිරීම සඳහා රුසියාව සමඟ බැ?රුම් සංවාදයක් පැවැත්වීමට අපි සූදානම්,” ජර්මන් විදේශ ඇමැතිනි අනෙලා බර්බොක් යුකේ‍්‍රන අගනුවරදී විදෙස් වාර්තාකරුවන්ට ප‍්‍රකාශ කර තිබිණි. බෙයර්බොක් පැවසුවේ යුකේ‍්‍රනයට ආයුධ ලබා නොදීමට ජර්මන් ආණ්ඩුව ගත් තීරණයට ඓතිහාසික මානයක් ඇති අතර එය දෙවන ලෝක සංග‍්‍රාමයේදී ජර්මනිය විසින් සෝවියට් සංගමය ආක‍්‍රමණය කිරීම හා සම්බන්ධ බවයි ‘‘ජර්මනිය රුසියානුවන් මරා දැමීම වෙනුවෙන් යුකේ‍්‍රනයට ආයුධ ලබා දීම බොහෝ ජර්මානුවන් සතුටු නොකරන බව” යැයි කීල් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක ප‍්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ අනේවාසික සාමාජිකයෙකු වන මාසෙල් ඩිර්සස් පවසයි. ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට අනුව 2016 සිට 2020 දක්වා විකුණුම් 21% කින් වැඩි වෙමින් ජර්මනිය ලෝකයේ ඉහළම ආයුධ නිෂ්පාදකයන් සහ අපනයනකරුවන්ගෙන් එකක් ලෙස පවතී. එහි විශාලතම පාරිභෝගිකයන් වූයේ දකුණු කොරියාව, ඇල්ජීරියාව සහ ඊජිප්තුවයි. එහෙත් යුකේ‍්‍රනය මෑතදී යුද නැව් සහ ගුවන් ආරක්ෂක පද්ධති ජර්මන් රජයෙන් ඉල්ලා සිටි නමුත් ඒවා ලබා දීම ප‍්‍රතික්ෂේප විය. ජර්මනියේ මතය ලැට්වියානු ආරක්ෂක ඇමැතිවරයා කෝප කරන්නක් විය.

 ලැට්වියානු ආරක්ෂක ඇමැති ආර්ටිස් පැබ්රික්ස් පවසා තිබුණේ රුසියාව සහ චීනය සමඟ ජර්මනියේ ‘‘අශීලාචාර හා කුහක” සබඳතාවක් පවත්වන බවයි.

 බර්ලිනයේ ක‍්‍රියාවන් බටහිර සහ නැගෙනහිර යුරෝපීය රටවල් අතර ගැටුමක් ඇති කරන බව ලැට්වියානු ආරක්ෂක ඇමැතිවරයා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කර තිබිණි. රුසියාව යුකේ‍්‍රන දේශසීමාවේ 100,000කට අධික භට පිරිසක් සහ හමුදා උපකරණ රැස්කරද්දී, ජර්මන් ප‍්‍රතිචාරය ”සුබ පැතීමක්” ආකාරයට පෙනෙන බව පැබ්රික්ස් පවසා තිබිණි.

 යුකේ‍්‍රන අර්බුදය ගැන චීනය නිහ`ඩය. ඇත්තෙන්ම චීනය ඉන්නේ රුසියාව පැත්තේ බව රහසක් නොවේ. ලබන හතර වැනිදා රුසියානු ජනපති චීනය බලා යයි. ශීත ඍතු ඔලිම්පික් උළෙල විවෘත කිරීම සඳහා බීජිං බලා යන ලෝක නායකයන් අතරට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ මධ්‍යම ආසියාවේ ජනාධිපතිවරු පස් දෙනෙක් ද සිටින බව චීනය පසුගිය සිකුරාදා නිවේදනය කළේය. මෙම සංචාරයේදී ජනපති පුටින් යුකේ‍්‍රනය සමඟ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා කරනු ඇති බව ක්‍රෙම්ලිනයේ ප‍්‍රකාශක දිමිත‍්‍රි පෙස්කොව් පවසා තිබිණි. ”මෙවර, ඇත්ත වශයෙන්ම, යුරෝපයේ උපායමාර්ගික ස්ථාවරත්වය, රුසියාවේ ආරක්ෂාව පිළිබඳ කරුණු යුරෝපයේ ආරක්ෂාව සහ එක්සත් ජනපදය සහ නේටෝව සමග රුසියාවේ සංවාදය ඇතුළු ජාත්‍යන්තර කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ජනපතිවරු දෙදෙනා බොහෝ කාලයක් ගතකරයි” ක්‍රෙම්ලිනයේ ප‍්‍රකාශක දිමිත‍්‍රි පෙස්කොව් වැඩිදුරටත් පවසා තිබිණි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment