පෙබරවාරියේ උද්ධමනය සියයට 17.5 ට නගී

197

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 17.5 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය ජනවාරි මස පැවැති උද්ධමනය සියයට 16.8ක් විය. පෙබරවාරි මාසයේ සියයට 17.5ක උද්ධමනය සඳහා ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් වැඩිවීම හේතු වී ඇත. මේ අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 24.4 සිට සියයට 24.7 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 10.2 සිට සියයට 11 දක්වා ද ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ආහාර කාණ්ඩය තුළ ඇති සහල්, පරිප්පු, කිරිපිටි, පළතුරු, පොල්, මිරිස් කුඩු, තිරිඟු පිටි, රතු ලූනු, පොල්තෙල්, මාළු, කරවල, වියළි මිරිස්, කුකුල් මස්, තුනපහ කුඩු, පාන්, සීනි සහ ළදරු කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීම පෙබරවාරි මස ආහාර උද්ධමනය සියයට 24.7 දක්වා වැඩිවීමට හේතු වී තිබේ. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (21දා* පෙබරවාරි මස උද්ධමන අගයන් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය.

මේ අනුව පෙබරවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය ඒකක 167.8 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය ජනවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශක අගය ඒකක 166ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment