පෙබරවාරියේ ගොල්ෆ් පදක්කම් තරගාවලිය 25, 26 දෙදින

95

කොළඹ රාජකීය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘පෙබරවාරි මාසයේ පදක්කම් තරගාවලිය’ ලබන 25 වැනිදා සහ 26 වැනිදා දෙදින පුරා කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. CL Synergy Limited සමාගම, මෙම තරගාවලිය සඳහා අනුග‍්‍රාහක ශක්තිය එකතු කර තිබේ.

 තරගාවලිය කොළඹ ක‍්‍රීඩා සමාජයේ කීර්තිමත් තරගකරුවන්ගේ සහ ක‍්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලූ කටයුතු යොදා ඇත.  A, B, C, කාන්තා සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහිදී සමස්ත පදක්කම් 18ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙයට අමතරව විනෝදජනක ගොල්ෆ් ක‍්‍රීඩා, ”Closest to the Pin” සහ .”Longest Drive”  වැනි ක‍්‍රියාකාරකම් වලින් මෙම ක‍්‍රීඩා සැණකෙළිය වර්ණවත් කිරීමට සැළසුම් කර ඇති අතර, තරගයේ ජයග‍්‍රාහකයන් සඳහා පදක්කම් මෙන්ම වටිනා ත්‍යාග ද ලබාදෙනු ඇත.

 මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා පැවැති අතර  CL Synergy සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂ ජනක උඩමුල්ල, කළමනාකර අධ්‍යක්‍ෂ රොෂාන් සිල්වා, කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ උප නායක සනිත් ගමගේ, ක‍්‍රීඩාංගන ලේකම් අම්රිත් ද සොයිසා සහ
 CL Synergy  සමාගමේ අධ්‍යක්‍ෂ රෝචන ජයවර්ධන යන මහත්වරුන් මාධ්‍ය හමුව සමග එක් වූ අයුරු මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment