පෙබරවාරියේ දින 27ට මිනිස් ඝාතන 27ක්

102

රිය අනතුරු 70කින් මරණ 72ක්

මෙම පෙබරවාරි පළමු වැනිදා සිට ඊයේ (27 වැනිදා) දක්වා වූ දින විසිහතක් තුළ රට පුරා විවිධ ප්‍රදේශවලදී මිනිස් ඝාතන 27 ක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වාර්තා මගින් තහවුරු වේ.

ඝාතනයට ලක්වූ පිරිස අතරින් වැඩිදෙනා වයස අවුරුදු පනහ හෝ ඊට අඩු වයස්වල පසුවන්නෝ වෙති.මෙම මිනිස් ඝාතන විසිහත අතරින් දෙදෙනකු වෙඩි තබා ඝතනය කර ඇති අතර සෙසු ඒවා තියුණු අවි ආයුධවලින් පහරදීම මගින් සිදු කර ඇත.

ඝාතනයට ලක් වූ පිරිස අතර කාන්තාවෝ පස් දෙනෙක් ද වෙති. මෙම ඝාතන විසිහත අතරින් ඝාතන තුනක් පමණ සංවිධානාත්මක අන්දමින් සිදුකර ඇති අතර ඉතිරි සියල්ල බහින්බස්වීම් දුරදිග යෑම හා පුද්ගලික ආරාවුල් හේතුවෙන් සිදුව ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ අතර මෙම පෙබරවාරි මාසයේ පළමුවැනිදා සිට ඊයේ දක්වා වූ දින 27 කදී මෙරට තුළ මාරක රිය අනතුරු 70ක් සිදුව ඇති අතර එහිදී මියගොස් ඇති පුද්ගලයන් ගණන 72 කි. එකී මාරක රිය අනතුරුවලට හේතු වී ඇත්තේ අධික වේගයෙන් රිය පැදවීම මෙන්ම අපරික්‍ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

එහිදී මියගොස් ඇති බහුතරයක් වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන් වන අතර මියගිය පිරිස අතරින් 25 දෙනෙක්ම තරුණ වියේ පසුවන්නෝ වෙති.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment