පෙමට පිටුපෑවයි කිපී පෙම්වතියගේ අත කැපූ පෙම්වතා රිමාන්ඞ්

251

නව වසරක පේ‍්‍රම සම්බන්ධය නතර කිරීමට පෙම්වතිය යෝජනා කිරීම නිසා පෙම්වතියගේ අත කපා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පෙම්වතෙකු 11වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කලේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 32 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු ගාල්ල නගරයේ දුරකථන ආයතනයක සේවය කරන වඳුරඹ ප‍්‍රදේශයේ තරුණියක් සමග මෙයට වසර නවයකට පෙර සිට පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් පසුගිය පළමු වන දින රට විවෘත කිරීමෙන් පසු එදින සවස ඔවුන් තල්පෙ ප‍්‍රදේශයේ දී මුණගැසී ඇති බවත් එහිදී පේම සම්බන්ධය නතර කිරීමට තරුණිය විසින් යෝජනා කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

එම අවස්ථාවේ කෝපයට පත් සැකකරු පිහි තලයකින් ඇයගේ අත කපා තුවාල සිදුකර ඇති බවත් ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිිසිය කියා සිටියේය.

හබරාදුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක විමල් මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

අහංගම සුගතපාල දීයගහගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment