පෙම්වතා විවාහකයකු බව දැනගන්නා විට ගුරුවරිය ලක්‍ෂ ගණනක් අහිමි කරගෙන – වංචාකළ දෙදරු පියා අල්ලන්න පරීක්ෂණ

901

බිබිල යල්කුඹුර ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් විවාහකර ගැනීමට පොරොන්දුවී ඇයගේ රුපියල් විසිතුන්ලක්ෂ තිස්දහස් හයසියයක් වරින්වර වංචනික ලෙස ලබාගත් දෙදරු පියෙකු අත්අඩංගුවට

ගැනීමට මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භකර ඇත.

තිස්දෙහැවිරිදි ගුරුවරිය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලික රක්ෂණ සමාගමක කළමනාකාරවරයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

ඔහු විසින් ඇයගෙන් අවස්ථා කිහිපයකදී මෝටර් රථයක් මිලදී ගැනීම ඇතුළු විවිධ අවශ්‍යතාවන් සඳහා අවස්ථා කිහිපයකදී රුපියල් විසිතුන්ලක්ෂ තිස්දහස් හයසියයක් ලබාගෙන ඇත.

ගුරුවරියගේ අනුදැනුම මත ක්‍රෙඩිට්කාඩ් පත භාවිතා කරමින්ද අවස්ථා කිහිපයකදී ඔහු විසින් මුදල් ලබාගෙන තිබේ.

පෙම්වතා පිළිබඳව සොයාබැලීමේදී ඔහු විවාහක දෙදරු පියෙකු බව දැනගැනීමෙන් පසු ගුරුවරිය විසින් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලිකර තිබේ.

මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විල්ෆ්‍රඩ් සිල්වා මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment