පෙම්වතා සමග ඇවිත් තාවකාලික නිවසක ජීවත් වූ එක්දරු මව නිවස තුළ මියගිහින් – පෙම්වතා අතුරුදන්

1597

පුත්තලම කුරුණෑගල මාර්ගයේ ජයබිම ප‍්‍රදේශයේ නිවසක් තුළ සිදුවී ඇති කාන්තා මරණය පිළිබද පුළුල් පරීක්ෂණයක් සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම වැඩබලන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් ඉක්බාල් මහතා පුත්තලම පොලිසියට නියෝග කලේය.

සියලූ දොරගුරු වසා තිබූ මෙම නිවසේ තාවකාලිකව පදිංචිව සිටි මියගිය මෙම කාන්තාව මද්දුම උන්ඩියගේ මනූජ මන්ජරී ලෙස හ`දුනාගෙන ඇති අතර පේ‍්‍රම සම්බන්ධයක් හේතුවෙන් මෙම ස්ථානයට පැමිණ ඇති බවත් මෙම කාන්තාව මීට සතියකට පමණ පෙර එල්ලී මියගොස් ඇති බවට දැනට පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවර්ණය වී තිබේ. නිවසින් හැමූ දු`ගදක් පිළිබ`ද පුත්තලම පොලිසියට සිදුකළ දැනුම් දීමකට අනුව මෙම විමර්ශන ආරම්භ කලේය.

මීට සති කිහිපයකට පෙර මෙම නිවසට තම පෙම්වතා සමග පැමිණ පදිංචි වී ඇති 41 හැවිරිදි මෙම කාන්තාව එල්ලී මිය ගියේද නැත්නම් කවුරුන් හෝ මෙම කාන්තාව ඝාතනය කොට එල්ලා ඇතිද බව සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා පුත්තලම පොලිසියට වැඩිදුරටත් නියෝග කලේය. මියගිය මෙම කාන්තාව සමග මෙම නිවසට පැමිණි පෙම්වතා දැනට අතුරුදන් වී ඇති බවත් මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කරන බවත් ඇය එක් දරු මවක් බවට දැනට අනාවර්ණය වී තිබේ. සිද්ධිය පිළිබ`ද පුත්තලම පොලිසිය පරීක්ෂණ සිදු කරණු ලබයි.

පුත්තලම නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment