පෙම්වතා සමග කැලෑවට රිංගූ සිසුවිය රෝහලේ

1291

7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු සමග කැලෑවක සිටියදී සාලියවැව පොලිසිය විසින් පෙරේදා (16 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 16 දා පාසලේ වාර අවසාන විභාගයට පෙනී සිට සිසුවිය දහවල් 12 ට පමණ පාසලින් පිටවීමෙන් පසු සැකකාර පුද්ගලයා ඔහුගේ යතුරුපැදියේ නංවා ගෙන කැලයකට ඇයව රැගෙන ගොස් තිබේ. එසේ ගිය දැරිය හා සැකකාර පුද්ගලයා රාජංගනය වීරපුර ප්‍රදේශයේ කැලෑවක රැඳී සිටිනු දුටු පුද්ගලයකු සාලියවැව පොලිසියට දැනුම් දී තිබේ. අනතුරුව පොලිස් නිලධාරින් එම

ස්ථානයට පැමිණ සැකකාර පුද්ගලයා සමග සිසුවිය අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ ජංගම දුරකථනය හරහා ලැබුණ ඇමතුමකින් පසු පාසල අවසන් වී මෙසේ කතා කරගත් පරිදි එම ප්‍රදේශයට පැමිණි බවය.

දැරිය පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment