පෙම්වතා සොයා අලව්වේ සිට ගිය පාසල් දැරිය තන්තිරිමලේදී අතවරයට ලක් වෙලා – හලෝ ගිය දුරක්

1200

තන්තිරිමලේ ප්‍රදේශයේ නිවසක පාසල් වයසේ පසුවන බාල වයස්කාර දැරියක් රවටාගෙන ගොස් සිටින බවට ලද තොරතුරකට අනුව විමර්ශන සිදු කර එම දැරිය දූෂණයට ලක් කළ 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලිසිය පවසයි.

ජංගම දුරකතනය ඔස්සේ පවත්වා ගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවයක් දුර දිග යාමෙන් අලව්ව ප්‍රදේශයේ සිට මෙම වින්දිත දැරිය තන්තිරිමලේ මානෙල්වැව ප්‍රදේශයට පැමිණ සිටියදී මෙලෙස දූෂණයට ලක්ව ඇතැයි පොලිසිය අනාවරණය කර ගෙන තිබිණි.

මහ විලච්චිය පේමඩුව, ගුළුපත්වැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මේ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස ස්ත්‍රී දූෂණයට ලක්ව ඇත්තේ අලව්ව පොලිස් වසමේ කන්දෙගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක් බව පොලිසිය කියයි. සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අලව්ව පොලිසියට වින්දිත දැරියගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව පොල්ගහවෙල අධිකරණයටද ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment